Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධිකරණ ගොඩනැගිල්ල අලුත්වැඩියාවට චීනයෙන් කෝටි 768ක ණයක්

කොළඹ අලුත්කඩේ පිහිටි උපරිමාධිකරණ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් කෝටි 768ක මුදලක් වෙන් කර තිබේ. අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රිගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් ඊයේ (07) මේ පිළිබඳව කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තබා ඇත.

ඒ වෙනුවෙන් චීනයේ ආර්ථික කටයුතු සහා වාණිජ කටයුතු උපදේශක ලී ගුවන්ගියන් අතර ණය ගිවිසුමක් අත්සන් කළ බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙයට පෙර අධිකරණ අමාත්‍යංශය වෙනුවෙන් අතිවිශාල මුදලක් වියදම් කර ගොඩනැගිල්ලක් කුලියට ගැනීම සඳහා අධිකරණ ඇමතිවරයා ක්‍රියාකර තිබිණි. නමුත් එයට එරෙහිව එල්ලවූ දැඩි විරෝධය හමුවේ එය නතර කර දැමීමට සිදුවිය. අලුත් කඩේ පිහිටි උපරිමාධිකරණ ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සඳහා පමණක් රුපියල් කෝටි 768ක් වියදම් කරන්නේ මෙම පසුබිම යටතේ ය.

Exit mobile version