Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දින හතක් තුල ගෑස් පිපිරීම් 430ක්

ගෘහස්ත ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කමිටු වාර්තාව අනුව ගෙවී ගිය දින හතකදී පිපිරීම් 430ක් සිදු වී ඇති බව හෙලිකර තිබේ.

මෙම වසරේ ජනවාරි 01 දින සිට නොවැම්බර් 28 වැනි දින දක්වා පිපිරීම් 28ක් සිදු වී ඇති අතර 29 වැනි දින සිට දෙසැම්බර් 05 වැනි දින දක්වා ඉතිරි පිපිරීම් 430 සිදු වී ඇත.

එම කමිටුව නිර්දේශ කර තිබෙන්නේ ගෑස් කාන්දුවක් පිළිබඳව හඳුනාගැනීම සඳහා දුර්ගන්ධය ඇති කරන රසායනික සංයෝගයක් ගෑස් සිලින්ඩරවලට ඇතුළත් කරන ලෙසය.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ත ගෑස් සිලින්ඩර සඳහා ගබඩා කරන ගෑස් සංයුතිය වෙනස් කර ප්‍රොපේන් සහ බියුටේන 50% බැගින් ඇතුළත් කර ඇති බව හෙළිවී තිබේ. එම සමාගම විසින් පසුගිය කාලයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක බර 12.5 Kg වෙනුවට ලීටර 18ක් වශයෙන් වෙනස් කරනු ලැබීය. ඉන් පසුව මේ සම්බන්ධයෙන් මිල ගණන් වරින් වර වෙනස් කර ගෑස් හිඟයක්ද ඇති විය. එහි අවසන් ප්‍රතිඵලය හැටියට මෙවැනි පිපිරීම් දිගින් දිගටම සිදුවිය.

Exit mobile version