Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි තුනක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළේ දී අල්ලයි

කෝටි තුනක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළේ දී අල්ලයි

කෝටි තුනක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළේ දී අල්ලයි

ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ රුපියල් කෝටි තුනක් වටිනා මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.

සැකකරු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මොහු කිරිපිටි පෙට්ටි තුළ සඟවා ගෙන, පාර්සල් දෙකක් ලෙස සකස් කර ඒවාද සිය ගමන් මල්ල තුළ සඟවා මෙම අයිස් මත්ද්‍රව්‍ය ගෙනැවිත් තිබුණි.

Exit mobile version