Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආසියානු යොවුන් පැරා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් 4ක්

ආසියානු යොවුන් පැරා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් 4ක්

ආසියානු යොවුන් පැරා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් 4ක්

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙල බහරේන්හිදී (04) ආරම්භ විය.
එහිදී මලල ක්‍රීඩාවෙන් පදක්කම් දෙකක් හා පිහිණුම් ක්‍රීඩාවෙන් පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ගේට්වේ විද්‍යාලයේ ජේසන් ජයවර්ධන F40 කාණ්ඩයේ යගුලිය විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම හිමි කරගත්තේය. ජේසන් වයස 17න් පහළ කාණ්ඩයේ ක්‍රීඩකයෙකු වුවද (04) තරග වැදුණේ, වයස 20න් පහළ කාණ්ඩයෙනි.

කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ ජනනී වික්‍රමසිංහ, බහරේන්හි පැවැත්වෙන ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තාය. ඇය වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩිකාවක වූවද, තරග වැදුණේ වයස අවුරුදු 20න් පහළ වයස් කාණ්ඩයේයි. ටී 47 වයස් කාණ්ඩයේ මීටර් 200 කාන්තා ඉසව්වෙන් ඇය දැක්වූ දක්ෂතාව තත්ත්පර 29.36කි.

තරගය ජයගත්, ජපාන හා තායිලන්ත ක්‍රීඩිකාවන් වයස 20න් පහළ කාණ්ඩයේ ක්‍රීඩිකාවන්වීම විශේෂත්වයකි.

පිහිණුම් ඉසව්වෙන් පදක්කම් දෙකක්
යාපා බණ්ඩාර, කාන්තා S6-10 කාණ්ඩයේ මීටර් 400 කාන්තා නිදහස්ආර පිහිණුම් ඉසව්වේ රන් පදක්කම හිමිකරගත්තාය.
එම කාණ්ඩයේ පිරිමි ඉසව්වෙන් නවීඩ් රෂීන් ⁣ලෝකඩ පදක්කම හිමිකරගත්තේය.

(04) ලෝක ආබාධිතයන්ගේ දිනය වන අතර, ආබාධ තවදුරටත් බාධාවක් නොවන බව ඒත්තු ගැන්වීමට මෙම දරු දැරියන් සමත් වීම පැසසිය යුතුය.

Exit mobile version