Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වෑන් රථයක පුපුරන ද්‍රව්‍යය සමග ගමන් කළ පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට

බලපත්‍ර රහිතව පුපුරන ද්‍රව්‍යය වෑන් රථයක රැගෙන යමින් සිටි පස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසා ඇත .

අනුරාධපුර පදවිය පොලිස් වසමට අයත් ආරියදාසගම, පදවිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී පුපුරන ද්‍රව්‍යය සමඟ අදාළ වෑන් රථය හමු වී තිබේ.

නයිට්‍රේට් කිලෝග්‍රෑම් 53ක්, වෙඩි නූල් අඩි 2192ක්, ජෙලට්නයිට් කූරු 178ක්, ඩෙටනේටර් 320ක්, ලණුවක්, යකඩක් සහ යන්ත්‍රයක් සමඟ වාහනයේ සිටි පුද්ගලයන් පස් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

මැදවච්චිය, කැකිරාව යන ප්‍රදේශවලට අයත් වයස අවුරුදු 29 -46 අතර පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version