Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කින්නියා ප්‍රදේශයේ පාලමෙහි ඉදිකිරීම් සම්පූර්ණ කරන තෙක් නාවික හමුදාවෙන් මගී යාත්‍රා සේවයක්

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලමෙහි ඉදිකිරීම් සම්පූර්ණ කරන තෙක් ප්‍රදේශවසීන් හට ආරක්‍ෂිතව එම කළපු ප්‍රදේශය ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ආරක්‍ෂිත මගී යාත්‍රා සේවාවක් 2021 නෙවැම්බර් 25 න දින සිට ආරම්භ කෙරිණි.

කින්නියා කුරින්ඥන්කර්නි පාලමෙහි ඉදිකිරීම් හේතුවෙන් එම කළපු ප්‍රදේශය ඔස්සේ එදිනෙදා ගමනාගමනයේදී ප්‍රදේශවාසීන් සහ පාසල් ළමුන් හට මුහුණ පෑමට සිදුවන දුශ්කරතා
සැළකිල්ලට ගනිමින්, එම පාලමෙහි ඉදිකිරීම් කටයුතු අවසන් වන තෙක් ඔවුන් හට ආරක්‍ෂිතව ගමනාගමන පහසුකම් ලබා දීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත මෙම මඟී යාත්‍රා සේවාව ආරම්භ කිරීමට පියවර ගන්නා ලදී.

ඒ අනුව, එකවර මඟීන් 25 දෙනෙකු බැගින් ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමට හැකි මඟී යාත්‍රාවක් නැගෙනහිර නාවික විධානයේ අධීක්‍ෂණය යටතේ මෙලෙස 2021 නොවැම්බර් 25 වන දින සිට උදෑසන 07.00 – 08.00 අතර සහ පස්වරු 12.00 – 02.00 අතර කාලසීමාවන් තුළදී යෙදවීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලද අතර, මඟීන් හට ආරක්‍ෂිතව මෙම මඟී යාත්‍රාවට ගොඩවීම සඳහා තාවකාලික ජැටියක් ස්ථාපනය කිරීමටද නාවික හමුදාව විසින් කටයුතු කර ඇත.

Exit mobile version