Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 998ක් මන්නාරමේදී අල්ලයි

නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 998ක් මන්නාරමේදී අල්ලයි

නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ කිලෝ 998 යි ග්‍රෑම් 750ක බරකින් යුත් වෝටර්ජෙල් නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 7990 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ තම්මැන්නා සහ ගජබා යන ආයතනයන්ට අනුයුක්ත විශේෂ නාවික හමුදා කණ්ඩායමක් මන්නාරම පොලීසිය හා එක්ව මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ (20) කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක්කර එහි නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ මෙම වෝටර් ජෙල් වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 7990ක පමණ තොගයක් සමඟ සැකකරුවන් අත්අඩංගවට ගත් බව නාවික හමුදාව පවසයි.

පුපුරණ ද්‍රව්‍යවලින් සිදු කරනු ලබන නීති වි‍රෝධී මත්ස්‍ය කර්මාන්තයට සඳහා යොදා ගැනීමට මෙලෙස මෙම වෝටර් ජෙල් සඟවා තබන්නට ඇතැයි ද අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54 සහ 57 වයස් වල පසුවන මන්නාරම ශාන්තිපුරම් සහ වංකාලේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් නාවික හමුදාව කියයි.

සැකකරුවන් සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු නාවික හමුදාව සහ මන්නාරම පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version