Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාතාල කල්ලි සාමාජික ‘ අතුරුගිරියේ ලඩියා’ ඉන්දීයාවේ බැංගලෝර්හිදී කොටුවෙයි

නීති විරෝධීව ඉන්දියාවට පැනගොස් සිටි ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙස සැළකෙන දිනමුල්ල කංකානම්ලාගේ නලීන් චතුරංග හෙවත් ‘අතුරුගිරියේ ලඩියා’ නැමැත්තා බැංගලෝර්හිදී ඉන්දීය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

බැංගලෝර් පෙලිසිය ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ද විදේශ මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබුණි.

පාතාල නායකයකුව සිටි ‘රණාලේ සමයන්’ ඇතුළු පිරිසක් කළුතර බන්ධනාගාරය අසළදී 2017 වසරේ ඝාතනය කිරීමෙන් පසුව ‘අංගොඩ ලෝක්කා’ගේ සමීපතයෙක් වන ‘අතුරුගිරියේ ලඩියා’ ද ‘ලොක්කා’ සමඟ ඉන්දියාවට පැනගොස් සිටි බව පොලිසිය පවසයි.

අංගොඩ ලොක්කා ඉන්දියාවේ කොයිම්බතූර්හි සැඟව සිටින අතරතුරදී හෘදයාබාධයකින් ජිවිතක්ෂයට පත්වූ බව ඉන්දීය පොලිසිය පසුගිය වසරේ පැවසීය.

මෙම පුද්ගලයාට අයත් රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් බස් රථ තුනක් සොයා ගැනීමට ද පොලිසිය පසුගිව වසරේ සමත් විය.

Exit mobile version