Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පසුගිය වසර දහයේදී ජීවිත 27,000ක් අහිමි කළ රිය අනතුරු

ගෙවුණු මාස 10 තුළ රිය අනතුරු 1,638කින් මරණ 1,733ක්

ගෙවුණු මාස 10 තුළ රිය අනතුරු 1,638කින් මරණ 1,733ක්

රටපුරා පසුගිය වසර දහයේදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් විසි හත් දහසකගේ (27,000) ජීවිත අහිමිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

මේ වසරේ මේ දක්වා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 1948 දෙනකුගේ ජීවිත අහිමිවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
වීරසේකර මහතා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවති මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

මාර්ග විනය සම්බන්ධයෙන් රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව පැවසූ මහජන ආරක්ෂක ඇමතිවරයා දඩගෙවීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා මගහරවා ගැනීමට ක්ෂණික දඩ මුදල් ගෙවීමේ ක්‍රමයක් හා රියදුරු කුසලතා ලකුණු ක්‍රමයක් නුදුරේදීම හදුන්වා දෙන බවත් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසූවේ මාර්ග විනය සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් සැලසුම්කර ඇති බවයි.

කොවිඩ් තත්ත්වය නිසා ඒ වැඩපිළිවෙළ ප්‍රමාද වූ බව පැවසූ අමුණුගම මහතා පළමු පියවර ලෙස අන්තර් පළාත් බස් රථ රියදුරන්ට දෙසතියක පුහුණුවක් ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරියේදී ආරම්භකරන බවද සඳහන් කළේ‍ය.

Exit mobile version