Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කල්පිටියේ වගාබිම් අක්කර 6000ක් විනාශ වැස්සෙන් විනාශ වෙයි

මහ වැසිත් සමග ඇතිවුගංවතුර හේතුවෙන් කල්පිටියේ අක්කර 6000 කට වැඩි වගා බිම් ප්‍රමාණයක් සම්පුර්ණයෙන් යටවි විනාශ ව ඇති බව වගාකරුවන් පවසයි. කල්පිටිය අර්ධද්විපයට අයත්මේ අනුව සේතපොල,දළුව, මාන්පුරිය, ඉලන්තඩිය, නාරක්කල්ලිය, නාවක්කාඩුව, ආඩන්කෙනි, කොයියාවාඩිය, එත්තාලේ, තිහලි, පාලකුඩා තලවිල, පුලච්චේන, පනිඅඩිය, නොරෝච්චෝල, ආලංකුඩා, කන්දකුඩා, කල්පිටිය, ඇතුළු ගම්මාන රැසක වගාවන් මෙසේ හානි සිදුව ඇති බව වගාකරුවන් කියයි.

දින ගනනාවක් නොකඩවා ඇද හැලෙන මහ වැසිහේතුවෙන් කල්පිටිය අර්ධද්විපයේ ජලය ගලා යැමේ පවතින ගැටළු මත මෙසේ වගා බිම් වල අඩි කිපයක් උසට ජලය රැදි ඇති බව වගාකරුවන් පවසයි. ඒසේම කල්පිටිය අර්ධද්විපයෙන් දෛනිකව දිවයින පුරා එළවළු පළතුරු කිලෝ ලක්ෂ තුනකට ආසන්න ප්‍රමානයක් ප්‍රවාහනය සිදුවන අතර මෙම තත්වය හේතුවෙන් ඉදිරියෙදි රටේ දැවැන්ත එළවළු හිගයක් ඇති වනු ඇතැයි කල්පිටිය වගාකරුවන් අනතුර අගවති.

වගාකරුවන් පවසන්නේගෝවා, බිට්රුට්, රාබු, බටානා, බංඩක්කා, පිපිඤඤා, මෑ, කරවිල, වැටකොළු, යන එළවළු , ළුණූ වගා බිම් සේම ගස්ලබු, දෙළුම්, කිලෝ පේර, වගාවන්රැසක් ජලයෙන් අඩි කිපයක් යටවි වගාවන් සම්පුර්ණයෙන් විනාශ වි ඇත්තේ තම දහඩිය මුසු කරමින් අත කනකර උගස් කරමින් ආරම්භ කල වගාවන් බවයි.

Exit mobile version