Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුගදනවි ගිවිසුමට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නීතිපති පූර්ණ විනිසුරු මඩුල්ලක්

යුගදනවි ගිවිසුමට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නීතිපති පූර්ණ විනිසුරු මඩුල්ලක්

යුගදනවි ගිවිසුමට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නීතිපති පූර්ණ විනිසුරු මඩුල්ලක්

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට විනිසුරුවරුන් පස්දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙසට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් (12) ඉල්ලා සිටියා.

ජාතික වැදගත්කමකින් යුතු මෙම පෙත්සම් සලකා බැලීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමේ අවශ්‍යතාවය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අවධාරණය කර තිබෙනවා. නීතිපතිවරයාගේ මෙම ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත යොමු කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ.

සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් මේවනවිටත් මෙම ගිවිසුමට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා.

ඒ අනුව එම මූලික අයිතිවාසිකම් පෙත්සම් නොවැම්බර් මස 27 වනදා සලකා බැලීමටයි බුවනෙක අළුවිහාරේ, දිලීප් නවාස් සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල (12) දින නියම කරනු ලැබුවේ.

Exit mobile version