ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකු වන සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් පසුව ආණ්ඩුව නියෝජනය කරන තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතාද ආණ්ඩුව දැඩිව විවේචනය කරමින් අදහස් දැක්වීමක් සිදු කොට ඇත.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ වත්මන් කැබිනට් මණ්ඩලය අසාර්ථක බවයි. තමන්ට ඇමැති ධූරයක් ලබා දුන්නද බාර නොගන්නා බව ඒ මහතා පවසයි.
අද ආණ්ඩුව කරන කිසි දෙයක් ජනතාව නොදන්නා බවත්, ඇමැතිවරු පවා කියන කරුණු පිළිබද විශ්වාසයක් නැති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය. මෙ තත්ත්වය යටතේ විකල්පයක් බලයට ඒම වැළැක්විය නොහැකි බවත් ඒ මහතා කීය.