Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවි ආයුධ සමග දෙදෙනෙක් අත්අඩංගුවට, ඇමරිකානු පුරවැසිභාවය ඇති පුද්ගලයෙකුත් ඒ අතර

පතොරම් ඇතුළු නීති විරෝධී උපකරණ කිහිපයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු තෙල්දෙණිය, රජවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

තෙල්දෙණිය පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පැවසුවේය.

සැකකරුවන් සතුව තිබී පිස්තෝල සඳහා භාවිත කරන පතොරම් 100ක්, ගමන්කථන 04ක්, ලක්ෂ 07කට අධික මුදලක්, රම්බෝ වර්ගයේ පිහියක්, දුරේක්ෂයක්, වායු රයිෆලයක් ඇතුළු උපකරණ රැසක්ද අංක තහඩු නොමැති යතුරු පැදි 02ක් හා අංක තහඩු සහිත යතුරු පැදි 04ක් ද පොලීසිය භාරයට ගෙන ඇ.ත.

සැකකරුවන් නාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉන් එක් පුද්ගලයෙකු අමෙරිකානු පුරවැසිභාවය හිමි අයෙකු බව වාර්තා වේ.

අත්අඩංගුවයට ගත් සැකකරුවන් තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version