Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කඩිනම් සේවය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් සහ වෙබ් අඩවියක්

රියදුරු උපදේශකවරුන් සහ සහකාර රියදුරු උපදේශකවරුන්ට පත්වීම්

රියදුරු උපදේශකවරුන් සහ සහකාර රියදුරු උපදේශකවරුන්ට පත්වීම්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රට පුරා තිබෙන කාර්යාල වලින් සේවා ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් සහ වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.

එම ස්වයංක්‍රීය දුරකථන පද්ධතියෙන් හෝ https://dmtappoinments.dmt.gov.lk යන වෙබ් අඩවියට පිවිසී දිනයක් සහ වෙලාවක් ඕනෑම වේලාවක වෙන්කර ගත හැකි බවත් දිනයක් වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව සේවාවන් ලබාගත නොහැකි බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසීය.

එම දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට සහ වේරහැර කාර්යාල වලින් සේවා ලබා ගැනීම සඳහා දිනය සහ වේලාව වෙන් කර ගැනීමට සඳහා ලබා දී තිබූ ලබාදී 0112677877 දුරකථන අංකය සහ 2021 ක්ෂණික දුරකථන අංකය භාවිතා නොවන බවත් සුමිත් අලහකෝන් මහතා වැඩිදුරටත් කීය.

Exit mobile version