Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුඩානයේ ආරක්ෂක අංශ සහ සිවිල් ජනතාව අතර ගැටුම් දරුණු වෙයි

සුඩානයේ ආරක්ෂක අංශ සහ සිවිල් ජනතාව අතර ගැටුම් දරුණු වෙයි

සුඩානයේ ආරක්ෂක අංශ සහ සිවිල් ජනතාව අතර ගැටුම් දරුණු වෙයි

සුඩානයේ ආරක්ෂක අංශ සහ සිවිල් ජනතාව අතර ගැටුම් උත්සන්න වී තිබෙනවා.

පැවති රජය නෙරපාහැර එරට හමුදා පාලනය මගින් සුඩානයේ බලය පසුගිය සදුදා අත්පත් කරගනු ලැබුවා. ව්‍යවස්ථාවට පටහැනි ලෙස සිදුවූ බලය පැහැරගැනීමට එරෙහි පිරිස් සුඩානයේ නගර ගණනාවක විරෝධතා ආරම්භ කළා. මේ වනවිට ගැටුම් වලින් පස් දෙනෙකු මියගොස් තිබෙනවා. සුඩාන හමුදා ක්‍රියාමාර්ගය ජාත්‍යන්තරයේ අප්‍රසාදයට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලෝක බැංකුව මෙන්ම අප්‍රිකානු සංගමය ද සුඩානය වෙත ලබාදෙන ආධාර අත්හිටුවීමට ඊයේ කටයුතු කළා.

Exit mobile version