Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුසියානු හමුදාවේ හමුදාපතිවරයෙකු වෙත ලැබිය හැකි ඉහළම ගෞරවාචාරය ජෙනරල් ශවේන්ද්‍රට

රුසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුධ හමුදාපතිවරයෙකුවෙත කලාතුරකින්ලැබිය හැකි රුසියානු
හමුදාවේ ඉහළම ගෞරවාචාරය ඉකුත් සඳුදා (25) රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී විසින් සිදු කරන ලදී.

රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) 2020 වර්ෂයේදීශ්‍රී ලංකාවේ සිදුකල සංචාරය අතරතුර
රුසියාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත කළ ආරාධනයකට අනුව යුද හමුදාපතිවරයා මෙසේ රුසියානු සංචාරයකට එක්ව සිටියි.

මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති වෙත රුසියානු ජනරජ භූමි හමුදාවේ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මොස්කව් ක්‍රෙම්ලිනයේ ඇලෙක්සැන්ඩ්‍රොව්ස්කි උද්‍යානයේ (Alexandrovsky Garden of Moscow Kremlin) පිහිටි ‘Tomb of the Unknown Soldier’ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාර පුද කර දිවිපිදු රුසියානු හමුදාවේ විරෝදාර රණවිරුවන්සිහිපත් කරන ලදි.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සිදුකරන පුහුණුවැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීම සහ දෙරට අතර පවත්නා යාන්ත්‍රික හා ඉංජිනේරු දැනුම හුවමාරු කරගැනීම ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.

Exit mobile version