Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් නොලැබුණහොත්, 21 සේවයට නොයන බව ගුරුවරු කියයි

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ 21 පාසල් විවෘත කරනවා ඊට පෙර ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳ ගැටලුවට විසඳුම් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ දී 8වන දින පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඒ සම්බන්ධයෙන් ඉදිරි දින 13 තුළ තීරණයක් ගැනීමට රජයට හැකියාව ඇතැයි කී මහින්ද ජයසිංහ මහතා එසේ නොකළහොත් ලබන 21 වැනිදා පාසල් ආරම්භ කරන විට මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තම වෘත්තීය සමිතිවලට සිදුවන බව ද සඳහන් කළේය.

සියලු විදුහල්පති හා පරිවෙණාධිපති රැස්වීම් වර්ජනය කරන්නට මේ වන විටත් වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇතැයි ද ඔහු කීවේය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ පළමුවෙන් ආරම්භ කිරීමට නියමිත සිසුන් 200ට අඩු පාසල්වල විදුහල්පතිවරු 8වන දින සාකච්ඡාවකට කැඳවා තිබූ නමුත් විදුහල්පතිවරු එය වර්ජනය කළ බවයි.

එවැනි කැඳවීම් සියල්ල වර්ජනය කරන බව අධ්‍යාපන ලේකම්වරයාට හා සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට ලිඛිතව දැනුම් දුන් බවද ඔහු පැවසීය.

ගුරු විදුහල්පති වෘත්තීය අරගලයට මේ වන විට දින 89ක් ගතවී ඇතැයි කී ස්ටාර්ලින මහතා මෙම කාලය තුළ රජයට විශාල වශයෙන් බලපෑම් කර තිබෙන බව ද ප්‍රකාශ කළේය.

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියන් මෙහිදී පැවසුවේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුමක් නොදී පාසල් ආරම්භ කරන්නේ නම් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර ඇති බවයි.

 

Exit mobile version