Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2020 සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්මය ඇතුළු විෂයන් නවයට ‘‘ඒ‘‘ සාමාර්ථ ගත් මුස්ලිම් සිසුවන්

බුද්ධ ධර්මය ඇතුළු විෂයන් නවයට ‘‘ඒ‘‘ සාමාර්ථ ගත් මුස්ලිම් සිසුවන්

බුද්ධ ධර්මය ඇතුළු විෂයන් නවයට ‘‘ඒ‘‘ සාමාර්ථ ගත් මුස්ලිම් සිසුවන්

මෙවර පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්මය, සිංහල ඇතුළු විෂයන් නවයටම “ඒ” සමාර්ථ ලබාගැනීමට
මුස්ලිම් සිසුවෙකුට සහ සිසුවියකට හැකි විය.

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්මය, සිංහල ඇතුළු විෂයන් නවයටම “ඒ” සමාර්ථ ලබාගැනීමට අලුත්ගම දර්ගා නගරය ලොටස් පාරේ පදිංචි මොහොමඩ් රිෆ්කාන් මොහොමඩ් අර්මාශ් සිසුවා සමත් විය. මූලික අධ්‍යාපනය ලැබූ අලුත්ගම මහා විද්‍යාලයට සහ දැනට අධ්‍යාපනය ලබන ලුම්බිණි මහා විද්‍යාලයට මහත් ගෞරවයක් අත්කර දීමට එම සිසුවා සමත් වී තිබේ.

“මේ ජයග්‍රහණයේදී මා සමඟ සෙවණැල්ලක් සේ සිටි මාගේ මව පියා මෙන්ම මගේ පන්තිභාර ගුරු ස්වාමීන් වහන්සේ වන ගැටමානේ තිස්ස හිමියන් මෙන්ම විදුහල්පති ප්‍රියන්ත කරුණාරත්න ගුරුපියාණන් ඇතුළු සමස්ත ගුරුභවතුන් ප්‍රථමයෙන් මා සිහි කරනවා. මගේ පියා දර්ගා නගරය නාකන්දලගොඩ ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයෙන් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා උසස්පෙළ සමත් වුණා තාත්තා අප සමග නිතරම කියනවා. ඒක ඇහුවාහම මටත් ලොකු ආශාවක් ඇති වුණා එවැනි ජයක් ගන්න. මම පළමු වසරේ සිට පස් වැනි ශ්‍රේණිය තෙක් අලුත්ගම මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තා. එහිදී ශිෂ්‍යත්වය හොඳින් සමත් වී ලුම්බිණි විද්‍යාලයට ඇතුළත් වුණා”.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්ම විෂය ඇතුලු සියලු විෂයන් නවයටම “ඒ” සාමර්ථ නවයක් ලබා ගැනීමට මුස්ලිම් සිසුවියක්ද සමත්ව තිබේ. මෙලෙස ඒ සාමර්ථ නවයක් ලබාගෙන තිබෙන්නේ වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ ඉගෙනු ලබන මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා සිසුවිය විසිනි. පවුලේ දෙවැනි දරුවා වූ අයිෂා අමිනා ඇය ලැබූ ජයග්‍රහණය ගැන මෙලෙස පැවසීය:

“මට අරමුණක් තිබුණා. විභාගයට පෙර සිටම එක අරමුණකට වැඩ කළා. විභාග ප්‍රහ්න පත්‍රවලට හොදින් පෙනී සිටියා. අපිට බුද්ධ ධර්මය විෂය ඉගැන්වුවේ ජිනරත්න ස්වාමින් වහන්සේ. මගේ ජයග්‍රහණය පිටිපස්සේ සිටියේ පංතිබාර සුපුන් ගුරුතුමා ඇතුළු ගුරුවරුන් පිරිසයි. ඒ් වගේම මට මගේ යහළුවෝ හුගක් උදව් කළා. මට නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න උදව්කරපු මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමෝටම ස්තූතිය පුදකරනවා.
මගේ බලාපොරොත්තුව ඉංජිනේරුවරියක් වෙන්න”.

මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා සිසුවියගේ පියා වැල්ලවාය නගරයේ පාපැදි අලුත්වැඩියා කරනු ලබන වැඩපලක් පවත්වාගෙන යන අයකු වන අතර මව ගෘහනියකි.

Exit mobile version