Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපේ නායකයොවත් අපිවත් සුද්දන්ගේ යට ඇඳුම් අඳින්නෙ නෑ. – මධුර; දැන් යට ඇඳුමුත් නෑ. ඔන්න කරපු කෙරුවාව!”- නලින්

අපේ නායකයොවත් අපිවත් සුද්දන්ගේ යට ඇඳුම් අඳින්නෙ නෑ. - මධුර; දැන් සනීපාරක්ෂක කට්ටලත් නෑ, යට ඇඳුමුත් නෑ. ඔන්න කරපු කෙරුවාව!"- නලින්

අපේ නායකයොවත් අපිවත් සුද්දන්ගේ යට ඇඳුම් අඳින්නෙ නෑ. - මධුර; දැන් සනීපාරක්ෂක කට්ටලත් නෑ, යට ඇඳුමුත් නෑ. ඔන්න කරපු කෙරුවාව!"- නලින්

රජය කියනා පරිදි ජංගම දුරකථන, පරිගණක වැනි දෑ අත්‍යාවශ්‍ය භාණ්ඩ නොවන්නේ කෙසේද යන ප්‍රශ්නය මේ මොහොතේ පැන නඟින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

“දැන් ඊයෙ වෙනකොට තවත් භාණ්ඩ ගණනාවකටම රජය තහංචි දැම්මා අපේ රට තුළට එන අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ කියලා. මං දන්නෑ ඉතිං මේ දුරකථනයක් අත්‍යාවශ්‍ය නොවන්නේද, පරිගණකයක් අත්‍යාවශ්‍ය නොවන්නේද, සමහර සමහර මේ දවස්වල කතාවෙන ඇඳුම් ආයිත්තම් අත්‍යාවශ්‍ය නොවන්නේද කියලා. දැන් ඒ දවස්වල මතකයිනෙ අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට නමකුත් දැම්මානෙ පෑඩ් මෑන් කියලා, කාන්තාවන්ට සනීපාරක්ෂක කට්ටල නිකම් දෙනවා කියලා. දැන් සනීපාරක්ෂක කට්ටලත් නෑ, යට ඇඳුමුත් නෑ. ඔන්න කරපු කෙරුවාව!”

නලින් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ (10) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සහ වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින් සුද්දන්ගේ යට ඇඳුම් නොඅඳින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අවධාරණය කරයි.

“අපේ මේ නායකයො අපේ මේ ආණ්ඩුව සුද්දන්ගෙ යට ඇඳුම් අඳින්නෙ නෑ. මොකද අපි දේශීය චින්තනයක් එක්ක, දේශීය ආර්ථිකයක් හදන දැක්මක් තියෙන රටක්. එතකොට විපක්ෂය කවදත් කළේ චීත්ත අඳින එකයි අනුන්ගෙ යට ඇඳුම් අඳින එකයි විතරයි. ඒක නිසා තමයි අපට මේ ප්‍රකාශ වලින් පේනවා ඒක. විදේශයෙන් එන ඕනෙම කුණු ගොඩක් බාරගන්න, වැළඳගන්න ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මොකද පහුගිය දවස්වල ඕගොල්ලො අපි දැක්කානෙ කුණු කන්ටේනර් ගෙනාවෙ”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා මේ බව පැවසුවේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Exit mobile version