Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බරපතල වැරදි නිසා අධිකරණයෙන් දඬුවම් නියම වූ ඇතැමුන්ට ජනාධිපති සමාව දුන්නා සේ රන්ජන්ටත් සමාව දෙන්න – චන්ද්‍රිකා ලියයි

චන්ද්‍රිකා ජනපතිට ලියයි: හිටපු රාජ්‍ය නායකයෙකු සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස රන්ජන්ට සමාව ඉල්ලයි

චන්ද්‍රිකා ජනපතිට ලියයි: හිටපු රාජ්‍ය නායකයෙකු සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස රන්ජන්ට සමාව ඉල්ලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකුද වන රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දෙන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබෙි.

රංජන් රාමනායක මහතා රංගන ශිල්පියෙකු, සමාජ සේවකයෙකු මෙන්ම දේශපාලඥයෙකු ලෙසද බොහෝ දෙනෙක් නොකරන ලෙස, මෙරට පොදු ජනතාව වෙනුවෙන් අවංකව කැපවී කටයුතු කරමින්, සිය පෞද්ගලික ධනය පවා අහිංසක අයගේ සුභසිද්ධිය වෙනුවෙන් වැය කරන පුද්ගලයෙක් බව හිටපු ජනාධිපතිනිය සිය ලිපියේ සඳහන් කරන්නීය.

“බරපතල වැරදි නිසා අධිකරණයෙන් සිරදඬුවම් ලබාදුන් කිහිප දෙනෙකු කෙරෙහි අනුකම්පාවෙන් වත්මන් රජයෙන් නිදහස ලබාදුන් නිසා, එතරම් බරපතල නොවන චෝදනාවකට රංජන්ට මෙලෙස දුක් විඳීමට සිදුවීම අවාසනාවන්ත කරුණක් බව ඔබතුමාද පිළිගන්නා බව මම විශ්වාස කරමි.

මේ වනවිට මාස 08කට ආසන්න කාලයක් සිරගතව පීඩා විඳින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට කාරුණික වන මෙන් හිටපු රාජ්‍ය නායකයෙකු සහ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස මම ඉතා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.”යනුවෙන්ද හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය යැවූ ලිපියේ සඳහන් වෙි.

Exit mobile version