Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කළුබෝවිල රෝහලේ කොවිඩ් මළසිරුරු ගොඩගැසී ඇති බවට අසත්‍ය ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට

කළුබෝවිල රෝහලේ කොවිඩ් මළසිරුරු ගොඩගැසී ඇති බවට අසත්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය හරහා පළකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ නුවන් සාරංග පරණහේවා නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා විදෙස් රටක ඡායාරූපයක් පළකරමින් පවසා තිබෙන්නේ එම ඡායාරූපය කළුබෝවිල රෝහලේදී මියගිය කොවිඩ් රෝගීන්ගේ බවයි.

පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව‍ මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

Exit mobile version