Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රතන හිමිගේ උසිගැන්වීමෙන් ලිපි ලියු විමල්ට-වාසුට-ගම්මන්පිලට ජනපති බැනවදී

රතන හිමිගේ උසිගැන්වීමෙන් ලිපි ලියු විමල්ට-වාසුට-ගම්මන්පිලට ජනපති බැනවදී; ගැටලු විසදාලීමට අගමැතිගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්

රතන හිමිගේ උසිගැන්වීමෙන් ලිපි ලියු විමල්ට-වාසුට-ගම්මන්පිලට ජනපති බැනවදී; ගැටලු විසදාලීමට අගමැතිගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්

රතන හිමිගේ උසිගැන්වීමෙන් ලිපි ලියු විමල්ට-වාසුට-ගම්මන්පිලට ජනපති බැනවදී ! – විකල්ප බලවේගයකට රතන හිමිගෙන් සැලසුම්.

රට සති 3කට වසා දමන ‌ලෙසට ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක් විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් කෝපයට පත්ව ඇති ජනාධිපතිවරයා එම සිදුවීමට සම්බන්ධ කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්ට දුරකතනයෙන් අමතා බැන වැදී ඇති බව mawratanews වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඉකුත් අගහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකොට බදාදා දිනයේ හදිසියේම මෙවැනි ලිපියක් නිකුත් කිරීම ජනාධිපතිවරයාගේ කෝපයට හේතු වී ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම අමාත්‍යවරුන් තිදෙනා විසින් කැබිනට් සාමූහික වගකීම කඩ කොට ඇති බවකි.

එමෙන්ම ආණ්ඩුවේ එක් ආරංචිමාර්ගයක් පෙන්වා දුන්නේ මෙම සිදුවීමෙන් ජනාධිපතිවරයා කෙතරම් කෝපයට පත්ව සිටියේද යත් මෙම අමාත්‍යවරුන් තිදෙනා ඉවත් කිරීමට පවා ජනාධිපතිවරයා සූදානම් වූ බවකි.

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් පසු තත්ත්වය සමතයකට පත් කිරීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්ව සිය නිවෙසේ මෙම අමාත්‍යවරුන් තිදෙනා සදහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීමට පියවර ගෙන ඇත.

එම රාත්‍රී භෝජන සංග්‍රහයට මෙම අමාත්‍යවරුන් තිදෙනාට අමතරව බන්දුල ගුණවර්ධන මහතාද සහභාගී වී සිට ඇති බවක් දැනගන්නට තිබේ.

එහිදී අමාත්‍යවරුන් අතර ඇතිව තිබූ ගැටලු විසදාලීමට අගමැතිවරයා පියවර ගෙන ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි විසින් මෙම ලිපිය යැවීම සඳහා අමාත්‍යවරුන් උසි ගන්නවා ඇත. කෙසේ හෝ ජනපති සමග ආරවුලක් ඇතිකරවා අමාත්‍ය විමල් වීරවංශ සහ අමාත්‍ය උදය ගම්මන්පිල ආණ්ඩුවෙන් එලියට ගෙන රාජපක්ෂ පාලනයට විරුද්ධව විකල්ප බලවේගයක් සෑදීම අරමුණු කරගෙන රතන හිමි සිය මෙහෙයුම් දියත්කරන බවයි දැනගන්නට ඇත්තේ.

– CT

Exit mobile version