Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරය සම්බන්ධ නීතිමය බලපෑම් වලින් තමන්ව බේරා දෙන ලෙස පොලිස් නිලධාරීන් පිරිසක් අස්ගිරි මහා නාහිමියන් හමුවේ ආයාචනයක

නි. පොලිස්පති තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අස්ගිරි මහා නාහිමියන් හමුවේ ආයාචනයක

නි. පොලිස්පති තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අස්ගිරි මහා නාහිමියන් හමුවේ ආයාචනයක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ චූදිතයන් සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩුවට එල්ල වෙමින් තිබෙන බලපෑම් හමුවේ ඉදිරියේදී නීතිය හමුවට පැමිණවීමට සැලසුම් කර තිබීමෙන් තමන් ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් බේරා දෙන ලෙස අස්ගිරි මහා විහාරයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන්ගෙන් ඉහල පොලිස් නිලධාරීන් පිරිසක් ආයාචනය කර ඇත.

(19) ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නන්දන මුණසිංහ ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම ආයාචනය යොමු කරනු ලැබීය. අස්ගිරි මහා නාහිමියන් හමුවේ ජේෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කරන ලද ආයාචනයෙන් කොටසක් පහත පළවේ.

“පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ බස්නාහිර පළාතෙත් නැගෙනහිර පළාතෙත් රාජ්‍ය බුද්ධි අංශයක් බාරව සිටි පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මෙතන සිටිනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සියල්ලම ප්‍රමාදයෙන් තොරව කඩිනමින් පොලිස් නිලධාරීන්ට යවන්න පියවර ගෙන තිබුණා. ඒ බව ජනාධිපති කොමිෂන් සභාවේදී නිලධාරීන් ලබා දුන් ප්‍රකාශ මගින් සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා.” යනාදී වශයෙන් ප්‍රකාශ කර තිබිණි.

ලබන 21 වෙනි දින පාස්කු ප්‍රහාරයට මාස 28ක් පිරෙන දිනයේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට විරෝධය පා කළුකොඩි ඔසවන ලෙස කතෝලික සභාව මෙරට සියළුම ජනතාවගෙන් ඉල්ලා ඇත. එම තත්වය හමුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනමින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ගෙන යන සැලසුම සම්බන්ධයෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිස මෙසේ අස්ගිරි මහ නා හිමියන්ට තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කර තිබේ.

Exit mobile version