Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පෙරහැර අස්සේ බස්නායක නිලමේගේ සහ ඔහුගේ ලේකම්ගේ වාහනවලට ඇසිඩ් ප්‍රහාරයක්

පෙරහැර අස්සේ බස්නායක නිලමේගේ සහ ඔහුගේ ලේකම්ගේ වාහනවලට ඇසිඩ් ප්‍රහාරයක්

පෙරහැර අස්සේ බස්නායක නිලමේගේ සහ ඔහුගේ ලේකම්ගේ වාහනවලට ඇසිඩ් ප්‍රහාරයක්

ශ්‍රී දළදා පෙරහර ආරම්භ කරමින් පැවැති කුඹල් පෙරහර අතරතුරදී නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා වූ ගයාන් හීන්කෙන්ද මහතාගේ සහ ඔහුගේ ලේකම්වරයා වූ දීඝායු අබේරත්න මහතාගේ වාහනවලට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

නාථ දේවාල පරිශ්‍රයේ මෙම වාහන නවත්වා තිබී ඇති අතර ඇසිඩ් ප්‍රහාරයෙන් වාහනවලට සුලු හානි සිදුව ඇති බව දැනගන්නට ඇත.

සතර දේවාලයේ බස්නායක නිලමේවරුන් අතර කලක් තිස්සේ පවතින විරසකය මීට හේතු වී ඇති බව වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version