Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිනකට 250 ක් කොරෝනාවෙන් මැරෙනවා: රජයේ සංඛාලේඛන සහ රෝහල් දත්ත අතර බරපතල වෙනසක් – GMOA

රජයේ නිළ සංඛාලේඛන සහ රෝහල් පද්ධතිය තුලින් දක්නට ලැබෙන ඇත්ත තත්වය අතර බරපතල වෙනසක්; දිනකට 250 ක් කොරෝනාවෙන් මැරෙනවා – GMOA

රජයේ නිළ සංඛාලේඛන සහ රෝහල් පද්ධතිය තුලින් දක්නට ලැබෙන ඇත්ත තත්වය අතර බරපතල වෙනසක්; දිනකට 250 ක් කොරෝනාවෙන් මැරෙනවා – GMOA

මේ වන විට රජය නිළ වශයෙන් නිකුත් කරන සංඛාලේඛන සහ රෝහල් පද්ධතිය තුලින් දක්නට ලැබෙන ඇත්ත තත්වය අතර බරපතල වෙනසක් ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා පවසන්නේ රෝහල් වලින් තමන්ට ලැබෙන ආරංචි අනුව මේ වන විට දිනකට පුද්ගලයන් 250 ක් පමණ කොරෝනා රෝගයෙන් මියයන බවත් දිනකට වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 5000 ඉක්මවා ගොස් ඇති බවත්ය.

“රටතුල පැතිර යන වෛරස් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරෙනවා. ඒ නිසා ඉදිරියේදි මේ තත්වය දෙගුණ තෙගුණ වෙන්න පුලුවන්.” වෛද්‍ය නවින් ද සොයිසා වැඩිදුරටත් පවසයි.

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ නියෝජිතයන් වත්මන් පාර්ලිමේන්තුවේ අණ්ඩු පක්ෂය නියෝජනය කරන අතර එම සංගමයේ නායක වෛද්‍ය පාදෙනිය ජනාධිපතිවරයාට උපදෙස් දෙන ඉහළම වළල්ලේ සාමාජිකයෙකි.

Exit mobile version