Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කතාබහට ලක්වූ වාර්ෂික කොන්ත්‍රාත්තුව ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් රැගෙන එන්නේ මෙම ක්‍රීඩකයන් නිසා ඒ හේතුවෙන් ක්‍රීඩකයන් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ක්‍රිකට් බලධාරීන් හැටියට ක්‍රීඩකයන් නොසලකා හැරිය නොහැකි බවත් මොහාන් ද සිල්වා මහතා කීය.

මීට පෙර කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන්ට අමතරව තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකු කොන්ත්‍රාත්තුවට ඇතුළත් වන බවත් පෙර පැවති කොන්ත්‍රාත්තුවම ලබාදීමට මේ වනවිට තීරණය කර ඇති බවත් මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.

මෙම වාර්ෂික කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වූ අතර ක්‍රීඩකයන් මේ හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වීමට ද කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජික මුත්තයියා මුරලිදරන් මීට පෙර පැවසුවේ ක්‍රීඩකයන්ට මෙම වසර සඳහා කොන්ත්‍රාත් ගිවිසුම ලබා නොදෙන බවයි.

Exit mobile version