Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 25 දෙනෙකුට, අධිචෝදනා 23,270 ක් යටතේ නඩු

පාස්කු ප්‍රහාර

පාස්කු ප්‍රහාර

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඊයේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පරවා තිබෙනවා. අධිචෝදනා 23,270 ක් යටතේ මෙසේ නඩු පවරා තිබේ.

2019 අප්‍රේල් 21 වැනිදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකලපුව සියෝන් දේවස්ථානය, කොළඹ කිංස්බරි, සිනමන්ග්‍රෑන්ඩ්, ෂැංග්‍රිලා යන හෝටල් සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හල යන ස්ථානවලට සිදුවූ ප්‍රහාරවලට අදාලම මෙසේ නඩු පවරා ඇති අතර පාස්කු ප්‍රහාරය මහ මොළකරු බවට දැනට හඳුනාගෙන ඇති නවුෆර් මවුලවි, සාජිත් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ නොහොත් ගෆර් මාමා, මොහොමඩ් සහන්ඩීන්, මොහොමඩ් රිස්වාන් ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකු මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර තිබේ.

මෙම නඩුව විශේෂ අධිකරණ කටයුත්තක් සේ සලකා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙස නීතිපතිවරයා සංජය රාජරත්නම් මහතා, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

Exit mobile version