Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වත්තල ප්‍රදේශයේ ගං වතුරෙන් පීඩිතයන්ට Muslim World League සංවිධානයෙන් ආධාර

වත්තල ප්‍රදේශයේ ගං වතුරෙන් පීඩිතයන්ට Muslim World League සංවිධානයෙන් ආධාර

වත්තල ප්‍රදේශයේ ගං වතුරෙන් පීඩිතයන්ට Muslim World League සංවිධානයෙන් ආධාර

වත්තල ප්‍රදේශයේ වර්ෂාව නිසා ගංවතුරෙන් පීඩිත ජනයා සඳහා Muslim World League සංවිධාන වෙතින් එම ප්‍රදේශයේ පවුලකට රුපියල් 10,000 බැගින් කොට්ටා සහ ඇඳ ඇතිරිලි සහිත නිදන (කොට්ටා ‌2ක්, මෙට්ටයක්, ඇඳ ඇතිරිලි 2ක්, තුවායක් සහ මදුරු දැලක් ද ඊට ඇතුළත්) කට්ටලය බැගින් කට්ටල තොගයක් පරිත්‍යාග කර තිබේ.

ඒ් අනුව රුපියල් 10,000 කට්ටල ගංවතුරෙන් පීඩිත පවුල් 700කට ප්‍රදානය කිරීම Muslim World League සංවිධානයේ සමාජ සේවා අංශයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අධ්‍යක්‍ෂ දේශබන්දු ඉම්රාන් ජමාල්ඩීන් ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

මේ අතර මෙම අවස්ථාව සදහා වැලිකඩමුල්ල විහාරාධිපති, වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්, නියෝජ්‍ය ප්‍රාදේශීය ලේකම්, වත්තල සහ මාබෝල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, මාබොල වත්තල නගර සභාවේ හිටපු නගරාධිපති සහ මුස්ලිම් දේවස්ථානයේ සභාපති සහ ග්‍රාම නිලධාරිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.








– newsnow

Exit mobile version