Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවුරුදු 32ක වාර්තාවක් අලුත් කරපු එලයින් තොම්සන්

අවුරුදු 32ක වාර්තාවක් අලුත් කරපු එලයින් තොම්සන්

අවුරුදු 32ක වාර්තාවක් අලුත් කරපු එලයින් තොම්සන්

ඔය කැරිබියන් ස්ටයිල් එක මාරම ස්ටයිල් එකක් !!!

ක්‍රිකට්වලදි විතරක් නෙමෙයි අනිත් ක්‍රීඩා ගත්තත්. එයාලට ආවේණික ක්‍රීඩා තියෙනවා. ඒ හයියෙන් වැඩක් ගන්න ඓතිහාසිකව රජ කරන ඔවුන්ටම සින්නක්කර ලියා ගත්තු ක්‍රීඩා තියෙනවා.

ඉතිං එහෙම ක්‍රීඩාවක් තමයි මීටර් 100 ධාවන ඉසව්ව…

අමුතුවෙන් ඉතිං ඒ ඉසව්වේ කැරිබියන් නම් කියන්න ඕනි නෑනේ… බෝල්ට්ගේ ඉදන් Shelly Ann Fraser Pryceගේ ඉදන් තාමත් ඒ ඉසව්වල බලවත් රාජ්‍යයක් තමයි කැරිබියන් දූපත් රාශියට අයත් වෙන ජැමෙයිකාව !!!

ඉතිං මෙවරත් ඔලිම්පික් කාන්තා ‍රන් පදක්කම හිමි කර ගන්නේ ජැමෙයිකාව !

රන් විතරක් නෙමෙයි ඒ ඉසව්වේ රන් රිදී ලෝකඩ පදක්කම් තුනම හිමි කර ගන්නේ ජැමෙයිකා ක්‍රීඩිකාවන්…

මීට කලින් 2008 ඔලිම්පික් තරගාවලියේ ජැමෙයිකා ක්‍රීඩිකාවන් මේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම සහ රිදී පදක්කම් දෙකක් දිනා ගත්තා.

ඒ වගේම මෙවරත් ඔවුන් මෙම ඉසව්වේ පදක්කම් සියල්ල හොරකම් කර ගන්නවා. ඒ සොදුරු හොරකමේ මූලිකත්වය අරන් කටයුතු කරේ Elain Thompson Herah !

එයා තමයි පසුගිය 2016 රියෝ ඔලිම්පික් තරගාවලියෙත් මීටර් 100 කාන්තා ‍රන් පදක්කම දිනා ගත්තේ…

මෙවරත් ඇය පිට පිට දෙවෙනි වතාවට රන් පදක්කම දිනා ගන්නවා.

ඇයි ගිය අවුරුද්දේ ආබාධ වෙලා ඉදලා ඔලිම්පික්වලට මේ දුන්න Comeback එක මාරයි.

වයස අවුරුදු 34ක්…

ඇය පරාජය කරේ 2008 ඔලිම්පික් තරගාවලියේ මේ ඉසව්වේ රන් පදක්කම්ලාභිනිය වුන ඔවුන්ගේ රටේම Shelly Annව….

ඒ වගේම මේ ඔලිම්පික් තරගාවලියේ වර්තමානයේ ලෝකයේ වේගවත්ම කාන්තාව වුන Thompson වසර ගණනක් පැරණි ඔලිම්පික් වාර්තාවද අලුත් කරන්න ඇය අද සමත් වෙනවා.

මීට කලින් මීටර් 100 ඔලිම්පික් තරගාවලියේ වාර්තාව තිබුනේ ඇමරිකානු ක්‍රීඩිකා ෆ්ලොරන්ස් ග්‍රිෆිත් – ජොයිනර්ගේ නමට… ඒ අනුව වසර 32ක් පැරණි වාර්තාවක් අලුත් කරපු එලයින් තොම්සන් මෙම ඉසව්ව තප්පර 10.61කින් දුවලා එදා අවුරුදු 32කට කලින් ෆ්ලොරන්ස් තත්පර 10.62කට දුවලා තිබ්බ ඔලිම්පික් වාර්තාව අද තොම්සන් ඇයගේ නමට ලියා ගන්නවා.

මේ තමයි කැරිබියන් ස්ටයිල් එක !!!

ඒ කැරිබියන් චමත්කාරය කවදාවත් නැති වෙන එකක් නෙමෙයි ❤️

©️ Rishie Bro

Exit mobile version