කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තියත් සමඟ රට වසා දැමුණු කාලසීමාවේදී විවාහ මංගල උත්සව ලක්ෂ හතක් පමණ කල් දමන්නට සිදුව තිබෙන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසනවා.
මෙය රටට කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව සිදුවූ විශාල පාඩුවක් බව පැවසූ රාජ්‍ය ඇමතිවරයා රටේ සාමාන්‍ය කාලයේදි වසරකට දරු උපත් තුන් ලක්ෂ පනස් දහසක් පමණ සිදුවූ බවද සඳහන් කළා.
කොවිඩ් වසංගත තත්වය යම්කිසි මට්ටමක පැවතුණද විවාහ මංගල්‍ය උත්සව සෞඛ්‍යය මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්වීමට රජය අවසරදීම ඉතා හොඳ තීරණයක් බවයි රාජ්‍ය ඇමතිවරයා කියන්නේ.