වරාය අධිකාරිය විසින් තහනම් කළ ටින් මාළු තොගයක් අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව සතොස අලෙවි සැල් ජාලය හරහා විකිණීමට තීරණයක් ගෙන තිබෙනවා. එම තීරණයකට අනුව එම ටින් මාළු සතොස වෙළඳ සැල් වෙත මේ වන විටත් නිකුත් කරලා.
මේවා අලෙවි කිරීවේදී එම ටින් මාළු බඳුන් වල වෙළඳ නාමය (Brand Name) හා දේශීය ව්‍යාපාරිකයාගේ නම වසා දමා අලෙවි කරන ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ. ඒ සඳහා ඇලවීමට ස්ටිකරයක් ද ඒ ඒ සතොස අලෙවි සැල වෙත යවා තිබෙන බව මේ සම්බන්ධයෙන් හුවමාරු වූ ඊ මේල් පණිවිඩයක සඳහන් වෙනවා. ඒ පසුගිය 10 වෙනිදා යවනු ලැබූ ඊ මේල් පණිවිඩයක යි.
-A5news
තහනම් කළ ටින් මාළු තොගය සතොස අලෙවි සැල් හරහා ජනතාවට
