Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“MUSLIM AID” ආයතනය රුපියල් මිලියන 30ක වෛද්‍ය උපකරණ අගමැතිට භාරදෙයි

“MUSLIM AID - SRILANKA” ආයතනය රුපියල් මිලියන 30ක වෛද්‍ය උපකරණ අගමැතිට භාරදෙයි

“MUSLIM AID - SRILANKA” ආයතනය රුපියල් මිලියන 30ක වෛද්‍ය උපකරණ අගමැතිට භාරදෙයි

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුපියල් මිලියන 30ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් “මුස්ලිම් ආධාර ශ්‍රී ලංකා” ආයතනය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පසුගියදා (02) අරලියගහ මන්දිරයේ දී භාරදෙන ලදි.

වැඩිහිටියන් සහ ළමයින් සඳහා භාවිතා කළ හැකි වෙන්ටිලේටර් (Ventilators) 3ක්, ඔක්සිජන් චිකිත්සක (Oxygen therapy) උපකරණ 4ක්, පී.පී.ඊ (PPE) කට්ටල 3000ක් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ඊට අයත්විය.

මෙම ව්‍යාපෘතිය අමෙරිකා එක්සත් ජනපදයේ ඇමෙරිකෙයාස් (Americares-USA) සහ එක්සත් රාජධානියේ මුස්ලිම් ආධාර මූලස්ථානය (Muslim Aid’s Head Quarters-UK) සහයෝගීතාවය අනුව ක්‍රියාත්මක කර තිබේ.

එක්සත් රාජධානියේ මුස්ලිම් ආධාර මූලස්ථානය 1985 වර්ෂයේ පිහිටුවා ඇති අතර මේ වනවිට ලෝකයේ රටවල් විස්සකට වැඩි සංඛ්‍යාවක් සමඟ සහන හා සංවර්ධන නියෝජිත ආයතනයක් ලෙස කටයුතු කරයි.

“මුස්ලිම් ආධාර ශ්‍රී ලංකා” වැඩසටහන සුනාමි ව්‍යසනය සමඟ 2005 වසරේ දී මෙරට ආරම්භ වී තිබේ.

මෙම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන, අධිකරණ අමාත්‍ය අලි සබ්රි, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තෙ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, මුස්ලිම් ආධාර ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ ෆයිසර් ඛාන් මහත්වරු ඇතුළු මුස්ලිම් ආධාර ශ්‍රී ලංකා ආයතනයේ නියෝජිත පිරිසක් එක්වූහ.

Exit mobile version