Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එන්නත්කරන කටයුතුවල ත්‍රිවිද හමුදාව

එන්නත් කරන කටයුතුවල ත්‍රිවිද හමුදාව

එන්නත් කරන කටයුතුවල ත්‍රිවිද හමුදාව

ත‍්‍රිවිධ හමුදාව විසින් මධ්‍යස්ථාන 18 ක් දී (05) දිනය පුරා ‘‘සයිනොෆාම්” එන්නත ලබාදීම සිදු කළහ.

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා රෝහල් කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය කාර්යා මණ්ඩල ඒකව බස්නාහිර පළාතේ සහ පිටපළාත්වල වෙසෙන ජනතාව එන්නත්කරණය කිරීම සිදුකර තිබිණි.

යුද හමුදාව බස්නාහිර පළාත හා පිටපළාත් කේන්ද්‍ර කරගනිමින් මධ්‍යස්ථාන 12 දී එන්නත් ලබා දී තිබු අතර ගුවන් හමුදාව සහ නාවික හමුදාව බස්නාහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් එන්නත් කරන වැඩපිළිවෙත කි‍්‍රයාත්මක කර තිබිණි.

නාරාහේන්පිට යුද හමුදා රෝහල, පනාගොඩ (බෝධිරාජාරාමය), බත්තරමුල්ල (දියත උයන,) වේරහැර (1 වන වෛද්‍ය බලකාය) ගාල්ල (විද්‍යාලෝක විද්‍යාලය) මාතර (මහින්ද රාජපක්ෂ විදුහල) බදුල්ල (දියතලාව ආරක්ෂක සේනා මුලස්ථානය), අනුරාධපුර (අනුරාධපුර යුද හමුදා රෝහල), පොලොන්නරුව (මින්නේරිය පාබල පුහුණු පාසල) ,කිලිනොච්චිය (කිලිනොච්චි යුද හමුදා රෝහල), මුලතිව් (පුදුකුඩිඉරුප්පු දෙමළ විදුහල), මන්නාරම (ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ල) යන ස්ථාන වලදී එන්නත් කිරීම සිදු කළ බව යුද හමුදාව පවසයි.

ගුවන් හමුදාව ස්ථාන හතරක දී එන්නත් කිරීම සිදුකළ අතර ගුවන් හමුදාව පවසයි.

කටුනායක ගුවන් හමුදා කඳවුර (රාජ් ප‍්‍රනාන්දු කී‍්‍රඩාංගනය), ඒකල ශි‍්‍ර බෝධිරුක්ඛාරාම විහාරස්ථානය, රත්මලාන ගුවන් හමුදා කඳවුර පරිශ‍්‍රය අසල, සහ කොළඹ 8 ගුවන් පුර කඳවුර, ( බොරැල්ල තානියාගම් දෙමළ විදුහල) යන ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම මෙම වැඩසටහන ආරම්භ කළ බවත්,ද ගුවන් හමුදාව පවසයි.

නාවික හමුදාව විසින් ස්ථාන දෙකකදී එන්නත් කිරීම සිදුකළ බව නාවික හමුදාව පසසයි.

නාවික හමුදා මුලස්ථානය මගින් කොළඹ චෛත්‍ය පාරේ ප‍්‍රදීපාගාරය පරිශ‍්‍රය අසල දී සහ වැලිසර නාවික හමුදා රෝහල මගින් වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේ දී එන්නත් කිරීම සිදුකළ බව නාවික හමුදාව පවසයි.

බස්නාහිර පළාත තුළ පිට පළාත් වල පදිංචි වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා ‘‘සයිනොෆාම්” එන්නතෙහි පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව ලබා දීම මෙම ස්ථානවලදී සිදු කෙරිණි.

මෙම එන්නත්කරණ වැඩසටහන උදෑසන 08.30 පැයේ සිට සවස 04.30 පැය දක්වා කාලසීමාව තුළ දිනපතා පැවැත්වේ.

Exit mobile version