පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන් හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් (ජූනි 23) ප්‍රථම වරට 9 වන පාර්ලිමේන්තුව අමතනු ලැබීය.
ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න විසඳුමක්
හිටපු අග්‍රාමාත්‍යවරයා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ, රට තුළ මේ වන විට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ඇති එක ම මාර්ගය නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමට රජය අකමැති නම්, ඒ සඳහා ඇති විකල්ප කවරේ ද ප්‍රකාශ කරන ලෙස ද හිටපු අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේය.
හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ආර්ථික අර්බුදයට මූලික හේතුව පවතින කොවිඩ් තත්ත්වය බවය.
රටේ කොව්ඩ් තත්ත්වය සහ කාර්ය සාධක බළකාය
රට තුළ පවතින කොවිඩ්-19 වසංගතය සහ එය පාලනය කිරීම සම්බන්ධයෙන් ද හිටපු අග්‍රාමාත්‍යවරයා එහිදී අදහස් දැක්වීය.
හිටපු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ, කාර්ය සාධක බළකාය සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බවත් ඒ සමග ඉදිරියට යා නොහැකි බවත් ය.
“මේ කාර්ය සාධක බළකාය සම්පූර්ණයෙන් ම අසාර්ථකයි. පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකම් මොකක් ද කියල සෞඛ්‍ය ඇමතිතුමියගේ කතාවට ඇහුන්කම් දුන්නා නම් තේරෙනවා. මොකක් ද අපි කරන්නේ? මේ කාර්ය සාධක බළකාය එක්ක ඉදිරියට යන්න බැහැ. අසාර්ථක වෙලා තියෙන්නේ. හැම එකක් ම වැඩි වෙලා තියෙන්නේ.”
වගකීම දෙන්න ඕනේ කාට ද?
හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, කොවිඩ් වසංගතය පාලනය කිරීමේ වගකීම පැවරිය යුත්තේ අමාත්‍ය මණ්ඩලයට බවය. ඒ සඳහා ව්‍යවස්ථානුකූලව අමාත්‍ය මණ්ඩලයට බලය පැවරී ඇතැයි ද ඔහු අවධාරණය කළේය.
“අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්න ඕනේ කැබිනට් මණ්ඩලයටයි, කැබිනට් මණ්ඩලය වග කියන පාර්ලිමේන්තුවටයි. ඇයි කැබිනට් මණ්ඩලයට මේ බලතල දෙන්නේ නැත්තේ. ව්‍යවස්ථාවේ තුන් වන වගන්තිය, හතරවන වගන්තිය, හතළිස් තුන් වන වගන්තියේ මේ ආණ්ඩුව පාලනය කරන්න පුළුවන් කැබිනට් මණ්ඩලයට පමණයි.”
WHO එකටත් විශේෂඥ කණ්ඩායමක් ඉන්නවා. ලංකාවේ භාර දීලා තියෙන්නේ හමුදාපතිට
වසංගතය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ද විශේෂඥ කණ්ඩායමක් සිටින බවත් මෙරට එය භාර දී ඇත්තේ හමුදාපතිට බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මෙම වගකීම අමාත්‍ය මණ්ඩලයට භාර නොදෙන්නේ ඇයි ද යන්න ඔහු එහිදී ප්‍රශ්න කළේය.
ව්‍යවස්ථානුකූලව එම බලතල අමාත්‍ය මණ්ඩලයට පැවරුවහොත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට හැකියාවක් ලැබෙන බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
“අගමැතිතුමාත් මෙතන ඉන්නවා ඇමතිවරුත් ඉන්නවා. ඔබතුමා භාර ගන්න. ඔබතුමා වැරදි වුණොත් අපිට පුළුවන් මෙතනට ඇවිල්ලා කෑගහන්න. අඩු ගානේ පෝස්ටර් හරි උස්සන්න. ඇයි මේක කැබිනට් මණ්ඩලයට භාර නොදෙන්නේ? අනික WHO සංවිධානයටත් විශේෂඥ කණ්ඩායමක් තියෙනවා. ලංකාවේ ඒක නෑ. කොමිටියක් තියෙන්නේ. ඒක භාර දීලා තියෙන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්ට. හමුදාපති කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. කොහොම ද එතුමා මේ වැඩකටයුතු කරන්නේ.
ලේකම්වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමතිතුමන්ලාට නැත්නම් කැබිනට් මණ්ඩලයට පමණයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු ඇමතිවරුන්ගේ තත්ත්වය අනුව. ඇයි බලතල මේ ක්‍රියාත්මක නොවෙන්නේ? අපි කියන්නේ ඒකේ නායකත්වය ගන්න, ව්‍යවස්ථාවෙන්. එතකොට අපිට පුළුවන් ඒ ගැන මෙතන ඉඳන් පාර්ලිමේන්තුවේදී කතා කරන්න.”
හමුදාපතිට මේක කරන්න බැහැ
තවදුරටත් අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, යුද්ධ හමුදාපතිවරයාට කොවිඩ් වසංගතය පාලනය කිරීම කළ නොහැකි බවය.
“ප්රජාතන්ත්රවාදී රජයක කණ්ඩායම් තුනක් ඉන්නවා. දේශපාලන අධිකාරිය. ඒ තමයි කැබිනට් මණ්ඩලය. ජනාධිපති, අගමැති, කැබිනට් ඇමතිවරු. සිවිල් බලය. ඒ තමයි සිවිල් පාලනය. ලේකම්වරුගේ ඉඳන් පල්ලෙහාට. මිලිටරි බලය. හමුදාව යුද්දෙට යවන එක. අද හමුදාව මිලිටරි බලය අරගෙන දැන් සිදු වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන් ම රටේ පාලනය… ඒක කරන්න බැහැ. ඒක වැරදියි.
දැන් ඇත්ත වශයෙන් ම වෙලා තියෙන්නේ කොවිඩ් විතරක් නෙමෙයි, අර ආයෝජන මණ්ඩලයේ සාකච්ඡාවට මුදල් ඇමතිතුමා ඉන්න තිබුණා, නැත්නම් රාජ්‍ය ඇමතිතුමා ඉන්න තිබුණා. ඒ මැදට ඇවිල්ලා හමුදාපති කතා කරනවා. ඒක දැක්ක ම හිටපු අයත් ගියා. ඉතින් මට කිසි ප්‍රශ්නයක් නැහැ හමුදාපති එක්ක. එතුමා මං හොඳට ආශ්‍රය කරන මට උදව් කරලා තියෙනවා. මේ වැඩ කටයුත්ත කරන්න බෑ.”
මේ යන්නේ හමුදාකරණයකට
හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ, කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ ජනවරම යොදා නොගෙන අර්ධ හමුදාකරණයට යාම පිළිබඳව තමන් දොස් නගන බවය.
“මේක හමුදාකරණයකට යන්නේ. ඔබතුමන්ලා අරගන්නවා නම් කමක් නෑ. ජනතාව ඔබ තුමන්ලාට ඒ ජනවරම දුන්නා. ඒ ගැන අපිට විවාද කරන්න බෑ. ඒත් අපි ඔබ තුමාට දොස් කියන්නේ ජනවරම යොදවන්නේ නැතුව අර්ධ හමුදාකරණයකට යනවා, ඒ බලතල භාර දෙනවා කියලා.”
මේ ගැන කතා කරන්න අපිට විවාදයක් දෙන්න
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවසාන වශයෙන් ඉල්ලාස සිටියේ අමාත්‍ය මණ්ඩලය බලතල අත්හැරීම, ක්‍රියා නොකිරීම, ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සහ ජනවරම නැති කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙසය.
“ඉතින් මම මෙතන කියන්නේ අගමැතිතුමනි අපි කැමතියි වෙලාවක, මම ඉල්ලනවා, අපිට විවාදයක් දෙන්න ව්‍යවස්ථානුකූල ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ ප්රජාතන්ත්රවාදය ගැන සාකච්ඡා කරන්න අවස්ථාව දෙන්න. මොකද අපේ දේශපාලන විරුද්ධවාදීකම් තිබුණාට ව්‍යවස්ථාවට අනුව කැබිනට් එක තමයි තීරණ ගන්න ඕනේ. ඒවා විවේචනය කරන්න අපිට පුළුවන්. විශ්වාසභංග යෝජනා ගේන්න පුළුවන්. මෙතනට ඇවිල්ල වාඩි වෙන්න පුළුවන්.
ඒත් එක කරන්නේ නැත්නම්, මේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉල්ලනවා වෙලාවක්, මම ඉල්ලනවා, මං හිතන්නේ අපේ මිත්‍රයෝත් එකඟ වෙයි කියලා. මේ කැබිනට් මණ්ඩලයේ බලතල අත්හැරීමත්, ක්‍රියා නොකිරීමත්, ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමත්, ජනවරම නැති කිරීම ගැනත් අපිට විවාදයක් දෙන්න කියලා මං ඉල්ලනවා.”