Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මණ්ඩලේ කචල් ? – පොස්පේට් සමාගම විමල්ගෙන් ගලවා මහින්දානන්දට

පොස්පේට් සමාගම විමල්ගෙන් ගලවා මහින්දානන්දට

පොස්පේට් සමාගම විමල්ගෙන් ගලවා මහින්දානන්දට

විමල් වීරවංශගේ කර්මාන්ත අමාතයාංශයේ විෂය පථය යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම මහින්දානන්ද අලුත්ගමගේ යටතේ ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයට ජනාධිපතිවරයා පවරා ඇත.

ජුනි 18 වැනි දින අංක 2232/39 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිවරයා මෙම පැවරීම සිදුකර ඇත. ඒ අනුව දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව 4 දක්වා වැඩිවී ඇත.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ අනූෂ පැල්පිට මහතා එම තනතුරෙන් ජුනි 18 දින ඉල්ලා අස්වී ඇති අතර එම තනතුර සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක ජනාධිපතිවරයා පත්කර තිබුනත් ඔහු එම පත්වීම තවම බාරගෙන නැත. එසේ වූවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරයෙන් දයා රත්නායක මහතා ඉල්ලා අස්වී ඇත්තේ ජනාධිපතිවරයාගේ දැනුම්දීම අනුවය.

Exit mobile version