Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වී අළෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කසල පැක් කළ යන්ත්‍රය පරණ යකඩ බඩු කඩයට

වී අළෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කසල පැක් කළ යන්ත්‍රය පරණ යකඩ බඩු කඩයට

වී අළෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කසල පැක් කළ යන්ත්‍රය පරණ යකඩ බඩු කඩයට

කොළොන්නාව වී අළෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කිලෝ 2220ක බර යන්ත‍්‍රයක් යකඩ බඩු කඩයකට විකුණූ බව කියන කොළොන්නාව නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කියයි.

මීතොටුමුල්ල කසල අංගනයේ කසල පැක් කිරීම සඳහා භාවිත කළ මෙම යන්ත‍්‍රය හොර රහසේ රැගෙන ගොස් රුපියල් එක්ලක්ෂ හැත්තෑ එක් දහසක මුදලට විකුණා ඇති මෙම සැකකාර මන්තී‍්‍රවරුන් දෙදෙනා මේ වන විට ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ද සදහන් කරයි.

මෙම යන්ත‍්‍රය පටවාගෙන ගිය කොළොන්නාව නගර සභාවේ ට‍්‍රැක්ටර් රියැදුරෙකු සහ අදාළ බඩු මිලට ගත් තැනැත්තා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

Exit mobile version