චීන විප්ලවයෙන් පසු පරාජය වූ එවකට සිටි රජ පාර්ශ්වය අන්තිමට ඉතුරු වුණේ තායිවාන දූපතේ පමණි. එතැන් පටන් පාර්ශව දෙකම චීනයට අයිතිවාසිකම් කියයි. බීජිං ප්‍රමුඛ ආණ්ඩුව තමන්ගේ රටේ නම හැටියට තෝරා ගෙන ඇත්තේ මහජන චීන ජනරජය යන්නයි. තායිවාන පාර්ශවය තමන්ගේ රටේ නම ලෙස යොදා ගන්නේ චීන ජනරජය යන්නයි. නමුත් 1970 දශකයේ බීජිං සිට ක්‍රියාත්මක වන මහජන චීන ජනරජය ඇමරිකාව සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමෙන් පසු හා සහ දේශපාලනිකව සහ ආර්ථික වශයෙන් නැගී සිටීමෙන් පසු තායිවාන දූපතේ සිට ක්‍රියාත්මක වන රජය තම නම ලෙස “චීනය” යන්න භාවිතා කිරීමට පමණක් නොව වෙනම රටක් ලෙස හැඳින්වීම ද වළක්වාලීමට විවිධ උත්සාහයන් ගනී. දැනටමත් ඉතාම ස්වල්ප ප්‍රමාණයක් වූ රටවල් පමණක් තායිවානය සමඟ නිල රාජතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යයි. බොහෝ රටවල් තමන්ගේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා සියල්ල නිල නොවන මට්ටමට හකුලාගෙන ඇත.
පසුගිය බදාදා ජපාන අගමැති යොශිහිඩේ සුගා ගේ මුවින් තායිවානය රටක් ලෙස දුන්වන වාක්‍ය පෙලක් ගිලිහීම හේතුවෙන් මෙම රාජ්‍යතාන්ත්‍රික අර්බුදය පටන්ගෙන ඇත. ඕස්ට්‍රේලියාව නවසීලන්තය සහ තායිවානය යන රටවල් තුන පුද්ගල නිදහස සීමා කර ඇති රටවල් හැටියට ජපාන පාර්ලිමේන්තුවේ සුගා මහතා පැවසීම, අහම්බෙන් මුවින් පිට වූ වාක්‍යයක් ලෙස එවිට දිස් වුණි. චීන විදේශ අමාත්‍යාංශය මාධ්‍ය ප්‍රකාශක වැන්ග් වෙන්බින් ජූනි එකොලොස් වන සිකුරාදා ජපානය වෙත තමන්ගේ දෝෂාරෝපණය ප්‍රකාශ කළ අතර, චීනය සහ ජපානය අතර 1972 අවුරුද්දේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පටන් ගැනීමේදී, බීජිං හි පිහිටි රාජය චිනයේ එකම නිත්‍යානුකූල රජය ලෙස පිළිගැනීමත්, තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් ලෙස පිළිගැනීමත් කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර ජපානය එයට එකග වී තිබුණි. හායි වාඩිය වෙනම රටක් ලෙස පිළිගැනීමෙන් ජපානය තමන්ගේ පොරොන්දුව කඩකර ඇති බවට වැන්ග් මහතා චෝදනා කරයි. තායිවානය පිළිබඳ ජපාන ස්ථාවරය වෙනස් වී නොමැති බව ජපාන රජයේ මාධ්‍ය ප්‍රකාශක කට්සුනෝබු කටෝ එකොළොස් වන සිකුරාදා ප්‍රකාශ කළේය.
G7 සමුළුවේ තායිවානය පිළිබඳ සාකච්ඡා වල දී ජපානය කරුණු දක්වන අවස්ථාවන් වල තායිවාන සමුද්‍ර සන්ධියේ අර්බුදය වැනි ප්‍රවේශ වාක්‍යය භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර ජපාන පාර්ලිමේන්තුවේ සිකුරාදා සම්මත වූ යෝජනාවට අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පාර්ශවකරුවෙක් ලෙස තායිවානය ම්බන්ධ කර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට බලපෑම් එල්ල කළ යුතු බවට කියවුණි. මේ පිළිබඳව තවමත් චීනය ප්‍රකාශයක් කර නොමැත.