Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙච්චර කොරෝනා උවදුරෙත්, තත්ත්වයෙන් බාල වෛද්‍ය උපකරන හොරාට ගෙන්නලා

නීති විරෝධිව මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ඔක්සි මීටර් 3400 ක් සහ එය ප්‍රවාහනය සදහා යොදා ගත් බව කියන වෑන්‍ රථ දෙකක් මෝටර් රථයක් සමග සැකකරුවන් තිදෙනකු අද අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි .

බුද්ධි තොරතුරක් මත වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය නිලධාරීන්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සමග කොළඹ, කොටහේන ප්‍රදේශයේදී වැටලීම කර තිබේ .

රුපියල් 3000 ක පමණ වටිනාකමකින් යුත් ඔක්සිමීටර් රුපියල් 1000 ක් වැනි මුදලකට අලෙවි කරන බවට අන්තර්ජාලයේ දැන්වීම් පළකර මෙම ජාවාරම කර ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි එම ඒකකය කියයි.

සෞඛ්‍ය උපකරණ මෙරටට ආනයනය කිරීම සඳහා සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙතින් බලපත්‍රයක් ලබා ගත යුතුව ඇතත්, එය ඉදිරිපත් කිරීමට සැකකරුවන් අසමත්ව ඇතැයි පොලිසිය කියයි.

Exit mobile version