Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා නිසා ලංකාවේ 48%ක් දුම්බීම අත්හරිති

Quit smoking

කොරෝනා වයිරසය ව්‍යාප්තිය හමුවේ මෙරට දුම්පානය කරමින් සිටි පුද්ගලයන්ගෙන් සියයට 48ක් දුම්පානය නවතා දමා ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

මෙය ඉතා හොඳ ප්‍රවණතාවක් බව පෙන්වා දෙන එම මධ්‍යස්ථානය දුම්පානය අතහැර දැමූ පුද්ගලයන්ගෙන් සියයට 50ක් පමණ යළිත් දුම්පානය නොකරන බවට ප්‍රකාශ කර ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොවිඩ් වසංගත තත්ත්වයට දුම්පානය ඍජු බලපෑම් එල්ලකරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ මානව සංවර්ධන අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පැවසීය.

එහිදී දුම්පානය කරන්නන් ට කොරෝනා වැලඳීමට තිබෙන අවදානම වැඩි බවත් කොරෝනා ආසාදනය වීමේ දී දුම්පානය කරන පුද්ගලයකුගේ සෞඛ්‍යයට දරුණු බලපෑම් එල්ල කිරීමටත් වැඩි හැකියාවක් පවතින බව ඒ මහතා කියා සිටියේය.

දුම්පානය හේතුවෙන් දිනකට ලංකාවේ පුද්ගලයන් 40කට ආසන්න ප්‍රමාණයක් මිය යන බව පැවසූ ඒ මහතා, මේ මොහොතේ සිට හෝ දුම්පානය නැවැත්වීම තම ජීවිතය රැක ගැනීමට අවස්ථාවක් වන බවත් කියා සිටියේය.

දුම්පානය අවම වී යන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවත් දුම්පානය වැළැක්වීම සඳහා ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවක් ඇති බවත් ඒ මහතා පැවසීය.

“ගිය වසර 10 ඇතුළත දුම්පානය සියයට 40 – 50ත් අතර ප්‍රමාණයක් අඩුවී ඇති බව පෙන්වා දුන් සම්පත් ද සේරම් මහතා ගිය වසර සමඟ මේ වසර සැසඳීමේදී සියයට 12කට ආසන්න ප්‍රමාණයකින් දුම්පානය අවම වී තිබෙන බව ප්‍රකාශ කළේය.

මේ යන ගමන තවත් ශක්තිමත් කර ගැනීමට කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් තනිව අලෙවි කරන දුම්වැටි භාවිතය තහනම් කළ යුතුයි.

සිගරට් පැකට් විදියට අලෙවි කළ යුතුයි. එවිට මිල දී ගැනීමේ හැකියාව අඩුවෙනවා. එමෙන් ම අධ්‍යාපන ආයතනය සිට මීටර් 100ක් ඇතුළත දුම්වැටි අලෙවිය තහනම් කිරීමට යෝජනාවක් ගෙනැවිත් තිබෙනවා ඒ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු යැයි ද හෙතෙම කියා සිටියේය.

Exit mobile version