Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VEDIO) පාස්කු ප්‍රහාරය මෙහෙයවූ මහ මොළකරු “බොස් ” – හමුදා බුද්ධි අංශ නිළධාරියා පිළිබඳ “ජනතා නීතිඥයෝ” විසින් CIDයට පැමිණිල්ලක්

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හමුදා බුද්ධි අංශ නිළධාරියා පිළිබඳ මීට දින තුනකට පෙර පළකළ වූ ලිපියක් සම්බන්ධව ගොඩ නැගුණු තවත් සාක්ෂි කිහිපයක් සමගම ජනතා නීතිඥයෝ (05) දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් විධිමත් පරික්ෂණයක් ඉල්ලා සිටියා.

ආශ්‍රිත ලිපි:-

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ මහ මොළකරු නොහොත් රටම හොයන ” බොස් ” මෙන්න…
————————
( පාස්කු ප්‍රහාරය සම්බන්ධ සියලු සැළසුම් යුධ හමුදා බුද්ධි අංශය විසින් සැළසුම් කරන ලද බව හෙළිකරන ප්‍රබල සාක්ෂියක් තිබියදී යුධ හමුදාපති නිහඬ ඇයි…? )

කාදිනල් තුමනි,
ඔබ ද වසන් කරන දේශපාලන සත්‍යය මෙයයි. පසුගියදා මාධ්‍ය විසින් හෙලිකරන ලද අල් – හිග්මා සහ සහරාස් පදනම යන සංවිධාන ලියාපදිංචි කිරීම සදහා රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ කාර්‍යාලයට පැමිණ ඇත්තේ , ජාතික බුද්ධි ප්‍රධානී කාර්‍යාලයේ සේවය කරනු ලබන සහ යුධ හමුදා බුද්ධි අංශයට අයත් ජනිත අඹගල නම් හමුදා කපිතාන් වරයෙකු බව රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ කාර්‍යාලය විසින් තහවුරු කර ඇත. ඔහුගේ බිරිඳ වන්නේ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ කතිකාචාර්‍ය්වරික වන සාරා සිල්වා නොහොත් සාරා අඹගල වේ. ඇයගේ පියා ප්‍රබල දේශපාලනඥයන් සහ යුද හමුදාවේ ඉහළ නිලධාරීන් ගේ සමීපතම ව්‍යාපාරිකයෙකු වන අතර වර්තමානයේ ශ්‍රී ලංකා රජයේ කොන්සියුලර් ජනරාල් වරයෙකු ලෙස විදේශීය රටක සේවය කරයි. ( යුධ හමුදා ක්‍රීඩා සපත්තු ටෙන්ඩරය හිමිකරගෙන ඇත්තේ ද සාරා අඹගල විසින්. ) දේශපාලනඥයන් සහ හමුදාවේ ඉහළ නිලධාරීන් වෙනුවෙන් මුදල් වියදම් කිරීම තුළින් මොහුට ඔවුන් වෙතින් ඕනෑම ඉල්ලීමක් ඉටුකරගැනීමට හැකියාව නිර්මාණය කරගෙන තිබේ.
ඉහත කී අල් – හිග්මා සංවිධානය රාජ්‍ය නොවන සංවිධානයක් ලෙසින් ලියාපදිංචි කරමින්, ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදී සංවිධාන වලින් මුදල් ලංකාවට ගෙන්වා ගෙන , එම මුදල් සරාස් පදනමට ද ලබාගැනීමට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සහ හමුදා බුද්ධි අංශ ඉහළ නිලධාරීන් දැනුවත් ව කපිතාන් ජනිත අඹගල විසින් මෙම රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය හරහා උත්සාහ කොට ඇත. දේශපාලන බලපෑම් මත සහ යුධ හමුදා ප්‍රධානීන්ගේ බලපෑම් මත මෙම තොරතුරු සැගවීමට ක්‍රියා කර ඇති අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධ පූර්ව සහ පශ්චාත් සිදුවීම් වල නිර්මාණකරුවන් වසන් කිරීමට සැලසුම් සහගතව ක්‍රියා කිරීම මෙයින් පැහැදිලි වේ.. එමෙන්ම
අද මුළු රටක් සොයන , රටම කතාවෙන ” බොස් ” හෙවත් පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකයින් සහ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු අතර වූ දුරකථන සංවාදයේ එන ” බොස් ” යනු අප ඉහත සදහන් කළ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරියා ( කැප්ටන් ජනිත අඹගල ) මෙහෙයවූ බොස් වේ… මෙම බොස් විසින් මේ වන විටත් කැප්ටන් ජනිත අඹගල මෙම ගැටලුවෙන් මුදා ගැනීම සඳහා මෙම ඉහළ නිලධාරීන් දැඩි උත්සාහයක යෙදෙමින් සිටීයි.

– උපුටාගැනීම – Pradeep Ekanayaka fb

Exit mobile version