Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා මීගමුවේ සිට කටුවාපිටියට පාගමනක්

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා මීගමුවේ සිට කටුවාපිටියට පාගමනක්

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා මීගමුවේ සිට කටුවාපිටියට පාගමනක්

පාස්කු ප්‍රහාරයට වසර දෙකක් සපිරීම හා එහි චූදිතයන්ට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් පැවැත්වූ විශේෂ වැඩසටහන් (21) අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී එම ප්‍රහාරයෙන් මිය ගිය 269 දෙනා සිහි කරමින් යාඥාශීලී පා ගමනක් පැවැත්වූ අතර අගරදගුරු හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම පා ගමන ආරම්භ වූයේ මීගමුව මාරිස්ටෙලා විදුහල අසලිනි. ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂුන් වහන්සේලා ඇතුළු ආගමික නායකයන්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ඊට සමගාමීව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ දේහයන් මිහිදන් කර ඇති ඩේවිඩ්වත්ත සුසාන භූමියේ මල් තැන්පත් කර ඉටිපහන් දල්වා මියගිය අයගේ ඥාතීහු ගෞරව පුද කෙරිණි. මේ සඳහාද අගරදගුරු හිමියන් එක්ව සිටි අතර එම සුසාන භූමියෙහි අලුතින් ඉදිකරන ලද යැදුම් කුටිය විවෘත කිරීමද අගරදගුරු හිමියන් අතින් සිදුකෙරිණි.

පස්වරු 6.00ට පමණ යාඥාශීලී පා ගමන කටුවාපිටිය දේවස්ථානය වෙත ළඟා විය. එහිදී පාස්කු ප්‍රහාරයෙන් මියගිය 269 දෙනාගේ ඡායාරූප රැගෙන කතෝලික පියතුමන් හා කන්‍යා සොයුරියන් දේවස්ථානය වෙත ළඟා විය.

– LT

Exit mobile version