Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අන්තර්ජාලය හරහා අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු පැතිරවීමට එරෙහිව කැබිනට් අනුමැතිය

අන්තර්ජාලය හරහා පතුරුවන අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශවලින් ආරක්ෂාවීම පිණිස අවශ්‍ය නීති පැනවීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගෙන ආ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අදාළ කාර්යය සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීමට අවශ්‍ය අවාසරය ලැබී ඇත.

අන්තර්ජාලය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හේතුවෙන් බරපතල තර්ජනයක් නිර්මාණය වී ඇති බවයි එම කැබිනට් යෝජනාවේ දක්වා ඇත්තේ.

එය සමාජය බෙදීමට, වෛරය පැතිරවීමට සහ ප්‍රජාතාන්ත්‍රික ආයතන දුර්වල කිරීමට යොදාගනු ලබන බව පෙනී ගොස් ඇති බව දක්වා තිබේ.

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් සිදුවන හානිවලින් සමාජය ආරක්ෂා කිරීම උදෙසා නව නීතියක් හඳුන්වාදීම මගින් පුරවැසියන්ට සහ සිවිල් සමාජයට නිවැරදි තොරතුරු සඳහා ප්‍රවේශ වීමට අවස්ථාව ලැබීම අරමුණු කරගෙන එම යෝජනාව ඉදිරිපත් කර ඇති බව දැක්වෙයි.

Exit mobile version