Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000ක දීමනාවක්

5000 බෙදීමෙන් ග්‍රාමනිලධාරීවරු, ආර්ථික සංවර්ධන නිලධාරීවරු ඉවත්වෙති

5000 බෙදීමෙන් ග්‍රාමනිලධාරීවරු, ආර්ථික සංවර්ධන නිලධාරීවරු ඉවත්වෙති

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් අලුත් අවුරුද්ද සඳහා රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමට රජය තීරණය කරයි.

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම දීමනාව ලබා දීමට කටයුතු කරන බවය.

අලුත් අවුරුද්දට පෙර මෙම දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස සමෘද්ධි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ එම බළකායේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවනු ලැබේ.

Exit mobile version