Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිංහරාජයේ ඉදිවන බව කියන හෝටල් ගැන වන සරක්ෂණ දෙපාර්තමේන්තුව කියන කතාව

ඉකුත් දිනවල මාධ්‍ය වාර්තාවල පළවුණු සිංහරාජ වනාන්තරයේ හෝටලයක් ඉදි කිරීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැහැදලි කිරීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අදාළ කාරණාව සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂා කරන ලද බවත් ඒ අනුව මාධ්‍යවල පළවුණු වාර්තා සත්‍යයෙන් තොර බවත් ය.

එමෙන් ම මාධ්‍ය මගින් පෙන්වා දුන් ඉඩම පිහිටා ඇත්තේ, සිංහරාජ ජාතික උරුම වන භූමියේ සිට කිලෝ මීටර් 3.5ක ගුවන් දුරකින් බවත් සිංහරාජ ලෝක උරුම වන භූමියේ සිට කි.මී. 5ක් පමණ ගුවන් දුරකින් බවත් ය.

තව ද 2019 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලද සිංහරාජ රක්ෂිත වන සංකීර්ණයට ද පිටතින් මෙම ඉඩම පිහිටා ඇති බව ඔවුහු සිය නිවේදනය හරහා පෙන්වා දෙති.

අදාළ ඉඩම අතහැර දමන ලද පෞද්ගලික තේ ඉඩමක් බවත් එය පොතුපිටිය – රක්වාන මාර්ගයට යාබදව පිහිටි භූමියක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, එම භූමිය තුළ ඉදිකිරීම් තුනක් ඇති බවත් එම නිවාස ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ගෙන ඇති බවත් ය.

සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව සිදු වන වනාන්තර විනාශය සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී අදහස් දැක්වූ භාග්‍යා අබේරත්න සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් සමාජය තුළ පසුගිය දා ගොඩ නැගිණි.

ඒ අනුව, ඇයගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබා ගත් අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ඇයගෙන් ප්‍රශ්න කර තිබිණි.

Exit mobile version