Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රූපලාවණ්‍ය ශිල්පිනියගේ නිරුවත් වීඩියෝවක් ඉන්ටනෙට් දාපු තරුණියට රුපියල් 1500ක දඩ මුදලක්

රූපලාවණ්‍ය ශිල්පිනියකගේ නිරුවත් වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ප්‍රචාරය කිරීම සම්බන්ධ‍යන් වරද පිළිගත් තරුණියකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අත්හිටවූ සිරදඬුවම් සහ දඩ මුදල් නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය සැකකාරියට එරෙහිව නගා තිබූ චෝදනා තුනකට වරද පිළිගැනීම නිසා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස දඬුවම් නියම කර සිටියේය.

සැකකාරියට මාස 6ක සිරදඬුවමක් නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, එම සිරදඬුවම වසර 10කට අත්හිටුවනු ලැබීය.

ඊට අමතරව රුපියල් 1500ක දඩ මුදලක් ගෙවන ලෙස සැකකාරියට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එය නොගෙවන්නේ නම් තවත් අමතර මාස 3ක සිරදඬුවම් නියම කර සිටියේය.

මෙලෙස අත්හිට වූ සිරදඬුවම් සහ දඩ මුදල් නියම වූයේ පොළොන්නරුවේ පදිංචි රසිකලා සඳමාලි ලියනගේ නමැති සැකකාරියකටයි.

පොළොන්නරුව ප්‍රදේශ​යේ පදිංචි රූපලාවණ්‍ය ශිල්පිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාරියට නඩුව පවරා තිබිණ.

Exit mobile version