Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් වැළඳී මියගිය බිළිඳා – පෙත්සම සලකා බැලු විනිසුරු මඩුල්ලෙන් විනිසුරුවෙක් ඉල්ලා අස්වේ

හෙද නිලධාරීන් වයස 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක්

හෙද නිලධාරීන් වයස 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී දින විස්සක් වයසැති බිළිඳෙකු කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වීමෙන් පසුව එම බිළිඳු මෘත ශරීරය අත්තනෝමතික ලෙස ආදාහනය කිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් එම දරුවාගේ දෙමාපියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙහි එක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු (29) ඉන් ඉවත් ව තිබේ.

එම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී.බී. දෙහිදෙනිය, ගාමිණි අමරසේකර යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ, පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වන බවය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම මැයි මස 25 වන දා තෙක් කල් තැබුණි.

එම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මියගිය දරුවාගේ දෙමාපියන් විසිනි.

Exit mobile version