Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO)”ආණ්ඩුව ඇතුළේ අර්බූදයක්: ටයි එකක් දාපු හැමෝම වියත්මගේ නෙමෙයි” – ඇමැති නාලක ගොඩහේවා

විරෝධතාවන් මර්ධනය කල හැකි වතාවරණයක් සදා ගන්නට රජයට ඉඩදීම මන්ත්‍රීවරයකු ලෙස වගකීම පැහැර හැරීමක් - නාලක ගොඩහේවා

විරෝධතාවන් මර්ධනය කල හැකි වතාවරණයක් සදා ගන්නට රජයට ඉඩදීම මන්ත්‍රීවරයකු ලෙස වගකීම පැහැර හැරීමක් - නාලක ගොඩහේවා

ආණ්ඩුව තුළ පවතින අභ්‍යන්තර අර්බුදවලට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් පුද්ගලයින් විසින් ආණ්ඩුව තුළ අර්බුද ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවය.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පළ කළේය.

“අපි රජය පිහිටුවලා දැන් අවුරුද්දකුත් මාස කිහිපයක් ගිහින්. අපි යථාර්තය පිළිගන්න ඕනේ. අපි මේ වනවිට ඉන්න තත්ත්වය. මහා විශාල ජන ප්‍රසාදයක ඉන්නවා ද කියන ප්‍රශ්නය අපි අහන්නට ඕනේ. මේක තුනෙන් දෙකක ආණ්ඩුවක්. මෙවැනි ආණ්ඩුවක් සිටිය යුතු ජන ප්‍රසාදයේද අද ඉන්නේ. අපි අතර සමගිය තිබුණේ නැත්නම් ඊළඟ මැතිවරණය ලේසි වෙන්නේ නෑ. දැන් අපි බුද්ධියෙන් විමසලා විසඳුම් සෙවිය යුතුයි. මම හරි කනගාටුවෙන් කියන්නේ. අද අපේම අය වියත් මගට ගහනවා. ටයි එකක් දාපු හැමෝම වියත් මගේ නෙමෙයි. මේ ගහන්නේ උගත් මධ්‍යම පංතියට. මෙහෙම කරලා අපි කොහොමද ඊළග ජන්ද දිනන්නේ..’ යනුවෙන් ගොඩහේවා මහතා කීය.

Exit mobile version