මුල්ලයිතීවූ දිස්ත්‍රික්කයේ කුරුන්දූර් කඳුවැටිය වටා ඇති දෙමළ ජනතාවට අයිතියි ඉඩකඩම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නැවත භාරදෙන ලෙසට කරෛතුරෙයිපට්රු ප්‍රාදේශීය ලේකම් හට ලිපි මගින් දැනුම් දී ඇත.
කුරුන්දූර් කඳු වැටිය වටා ඇති අක්කර 78 ක් පමණ භූමි ප්‍රමාණයක් පූජා භූමියක් උදෙසා වෙන් කර ඇති බවත්, මෙය වෙන් කරවා ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු සිතියමකට අනුව 1932 වර්ෂයේ පනතෙහි සදහන් පරිදි බවද, මෙම ප්‍රදේශයේ නැවත වරක් මැනිමකට ලක් කළ යුතු බව පුරාවිද්‍යාදෙපාර්තමේන්තුව එම ප්‍රාදේශීය ලේකම් ගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව කොළඹ සිට පැමිණි වරලත් මිනින්දෝරුවරු නැවත වරක් මිනුමකට ලක්කොට කුරුන්දාව විහාරය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් විහාරයක් ලෙස නම් කොට එම අක්කර 78ට ඇතුළත් කළේය.
මෙහි දිගුවක් ලෙසට මෙම වසරේ ජනවාරි 18 වන දිනදී හමුදාව හා පුරා විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් ද නැවත වරක් කුරුන්දූර් කඳු වැටියේ පුරාවිද්‍යාත්මක කැණීම් ආරම්භ කළහ.
මේ අනුව කුරුන්දූර් කඳුවැටි වටා ඇති අක්කර 400 ක පමණ භූමි ප්‍රමාණයක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස දැනුම් දෙන ලදී. මෙම අක්කර 400හි අක්කර 150ක භූමිය තන්නිකුරිප්පු ග්‍රාමයට අයත් දෙමළ ජනතාව සතු ඉඩම් ය. ඉතිරි ඉඩම් නාග චෝලි වනාන්තරයට අයිති ඉඩම් වේ.
පසුගිය පෙබරවාරි මාසයේදි තම ඉඩම් එළිපෙහෙළි කර නැවත වරක් කෘෂිකර්මයේ නියුතු වීමට තන්නිකුරිප්පු දෙමළ ජනයා කටයුතු කරන විටදී බෞද්ධ භික්ෂූන් හා පුරාවිද්‍යා නිලධාරීන් එක්ව එම ක්‍රියාව බලහත්කාරයෙන් නතරකොට බියවද්දා එම දෙමළ ජනතාව පලවා හැර, යුහුසුළුව ඔවුන් කටයුතු කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එම ඉඩම් නතු කර ගැනීම සදහා ප්‍රාදේශීය ලේකම්හට ලිපි මගින් දැන්වීමය.
මේ අනුව පෙනී යන්නේ අක්කර 400 භූමි ප්‍රමාණයක් ඉල්ලා සිටින්නේ එම ප්‍රදේශය පුරා සිංහල ජනාවාස බිහි කොට එම ප්‍රදේශය මුළුමනින්ම සිංහල නිජ බිම් බවට පත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමටය.
මෙම භූමි ප්‍රමාණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නැවත වරක් ලබාදෙන මෙන් නැගෙනහිර ආණ්ඩුකාර තුමා ගේ කාර්යාලයෙන්ද කරෛතුරයිපට්රු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බලපෑම් හා පීඩනයන් එල්ලවෙමින් පවතී.
මුල්ලයිතීවූ කොට්ඨාශයේ ඒකාබද්ධ කණ්ඩායමේ රැස්වීමක් මෙම පළවෙනි දිනට නියමිත අතර එම රැස්වීමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති අක්කර හාරසිය පිළිබඳව ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්වේ.
– වීරකෙසරී