Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාලු කොටුව කැණීමකදී මතුවූ යුරෝපයේ පුනරුද යුගය

ගාලු කොටුව කැණීමකදී මතුවූ යුරෝපයේ පුනරුද යුගය

ගාලු කොටුව කැණීමකදී මතුවූ යුරෝපයේ පුනරුද යුගය

යුරෝපයේ පුනරුද යුගයට අයත් පිඟන් භාණ්ඩවල නටබුන් රැසක් ගාලු කොටුවේ ප්‍රධාන පිවිසුම අසල සිදු කළ කැණීමකදී හමුවී තිබේ.

මෙලෙස සොයා ගත් දුර්ලභ පිඟන් භාණ්ඩ අවශේෂ මගින් එකල පැවති විදේශ සබඳතා පිළිබඳ වැදගත් දත්ත රැසක් හෙළි වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කළේය.

අදාළ කැණීම් කටයුතු සිදු කර ඇත්තේ, නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙනි.

කැණීම් කටයුතු අවසන් වීමෙන් පසුව ගාලු කොටුවේ ප්‍රධාන පිවිසුම සංරක්ෂණය කිරීමට නියමිත බව ද ආචාර්ය නිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ගාල්ල කොටුවේ ක්‍රියාත්මක වන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ඉදිරිපස බැම්මේ මධ්‍යයෙන් කොටුවට ඇතුළුවීම සඳහා සකසා ඇති ආරුක්කුව සංරක්ෂණය කිරීම සඳහා පසුගිය පළමු වන දා එය වසා දැමූ බව අප වාර්තාකරු පැවසීය.

ආරුක්කුවේ පහළින් මුක්කු සවි කර ඉහළ ඇති පස් තට්ටුව ඉවත් කර ආරුක්කුවේ ඉහළ කොටසට සංරක්ෂණ බදාම ස්ථරයක් යොදා යළි වසා දැමීමට නියමිත බව ගාල්ල මහ නගර සභාව මින් පෙර පවසා තිබිණි.

Exit mobile version