එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබලයින් රැසක් යුද්ධ සමයේ රැදී සිටියේ යැයි සැක කරන ස්ථාන දෙකක ආයුධ හා රත්රන් වළ දමා ඇති බවට වන තොරතුරක් මත (17) කිලිනොච්චියේ ස්ථාන දෙකක් ආරක්ෂක අංශ විසින් කැණීම් කරනු ලැබිණ.
කිලිනොච්චිය මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාගේ අධීක්ෂණය යටතේ කිලිනොච්චිය භාරතීපුරම් විද්‍යාලය ආසන්නයේ ස්ථාන දෙකක එලෙස කැණීම් කෙරිණ.
කිලිනොච්චිය පොලිස් නිලධාරීන්, කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝග යටතේ අදාළ ස්ථාන කැණීම් සිදුකළ අතර, පැය ගණනාවක් කැණීම් කළ ද අදාළ ස්ථාන තුළින් කිසිවක් හමු නොවූ බවද පොලිසිය සඳහන් කළේය.
කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන්, යුද්ධ හමුදා නිලධාරීන්, ග්‍රාම නිලධාරී ඇතුළු නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ කැණීම් කටයුතු සිදුකළහ.
මීට පෙර ද ආරක්ෂක අංශ වෙත ලද තොරතුරු මත කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි ස්ථාන රැසක මෙලෙස කැණීම් සිදුකළ ද අදාළ ස්ථාන බහුතරයකින් කිසිවක් නොලැබුණ බව ආරක්ෂක අංශ පවසයි.